සිව්වන දිගහැරුම...

244 70 15
                                    

කාලත් සුමුදුත් මධ්‍යහන වේලාවෙහි ගම්මානයෙ වැව් බැම්ම මතින් ඉදිරියට ඇදෙමින් සිටියෝය. දෑත් පිටුපසට බැඳ ගත් කාල ආඩම්බර ලීලාවෙන් ඉදිරියට ඇදෙද්දී සුමුදු ඒ පිටුපස ඇදුනේ කොළ බවකින් මුව සරසාගෙන ය. තරුණ වියේ පසු වූ ගම්මානයෙ පසුවූ ගම්මානයෙ රූමතිය වූ දේවි මෙකල අසනීප වී සිටියාය. ඇයට යක්ෂ දිෂ්ටිය දිෂ්ඨිය ආවේෂ වී ඇති බව ඇගේ නිවැසියන් පැමිණ කී විට කාල ඇයව පිරික්සීම සඳහා එහි ඇදුනේ සුමුදුත් සමගය. වැව් ඉස්මත්තේ වූ මැටියෙන් සෑදූ තරමක විශාල නිවසේ කාල පැමිණෙන විටත් යම් තරමක සෙනගක් රැස්වී සිටියේය. කාල ඉදිරියට පැමිණීමේදී ගම්මු ඔහුට ගෞරවනීය බැලූම් හෙළමින් පසෙකට වුවත් පිටගම් කාරයෙකු වූ සුමුදු වෙනුවෙන් ඔවුන්ගේ මුහුණේ සිනහ පොදක් වත් නොවීය. දැනෙන අපහසුව මගහැර ගැනීමට මෙන් සුමුදු ද තම හිස බිමට නැඹුරු කරගෙන ම හුන්නේය.

මිනිසෙකුට යාමට තරම් හැකි මැටි නිවසේ දොරෙන් කාල ගෙතුලට ඇතුල්වද්දී සුමුදු ඒ දොරකඩ නතර වූයේ ගම්මුන්ගෙන් බැනුම් ඇසීමට නොහැකි නිසා විය හැකිය. ගම්මුන් ඔහුට සැලකූයේ සුමුදු අඩු කුලෙන් පැවත එන්නෙකු සේය.

කාල නිවස තුලට ඇතුල් වන විටත් අඟුලු ලා තිබූ දොරක් අසල නිවැසියන් කිව හැකි කිහිප දෙනෙක් රැස්ව සිටියහ. කාල පැමිණෙද්දී ඔවුහු දොර අසලින් ඉවත් වූයේ කාලගේ කාර්ය පහසු කිරීමේ අටියෙන් ය.

" ඔය දොර ඇරලා ඕකිට එන්න දීපන්...."

" එහෙමයි ගුරුන්නාන්සේ "

සියලු නිවැසියන් දෙපස ට වත් දී එක් පුද්ගලයෙක් අගුලු ලා තිබූ ද්වාරය විවෘත කළේය.

" එලියට වරෙන් "

කාල එපිට සිට ඇතුලේ සිටි ආතූරිය වූ දේවිට කතා කළේ රළු හඬකින් මෙන්ම රෞද්‍ර මුහුණකින් ය.

" එලියට වරෙන්.... මං එක්ක එක පාරයි කියන්නේ...."

කාල නැවත ගුගුරද්දී දේවි පිටතට පැමිණියේ මනමාලයෙක් තමාව බලන්න පැමිණෙන්නා සේ කෝල බවකින් යුතුව ය.

" හ්ම්... මේකිව ඉන්දෝපං මෙතන...."

කාල පවසද්දි දේවි වටා රැස් වූ නිවැසියන් කිහිපදෙනා ඇයව කාල ඉදිරියේ අසුන් ගැන්වී ය.

" කවුද මේ ඇත්තිට වද දෙන්නෙ කිව්වා නං..."

" හ්ම්.. හ්ම්... මම.... මම... මම..."

" ඔව් ඉතිං කියපං කවුද..."

" මම මේකිගෙ... මම...."

" මගෙන් ගුටි නොකා කියාපිය..."

" මම... මම... මේකිගෙ පුංචි..."

කාල මහ හඩින් ගුගුරද්දී දේවිගෙ ඇගට අරක් ගත් භූතාත්මය හති හලමින් මෙන් කතා කරන්නට වූයේ නෙත් කොණෙන් මෙන් පිටත සිට ඇතුලතට නෙත් යොමා සිටින සුමුදු දෙස බලාය.

" ම්ම්.. උඹ මොකද මේකිගෙ ඇගට වෙලා කොරන්නෙ..."

" මේකි.. මේකි... මේකි මැරෙන්න ගියා... ඔව්... මැරෙන්න ගියා..."

නිවැසියන්ගේත් අවට සිටිය වුන්ගේත් දෑස් විසල් වූයේ භූතාත්මයේ හෙලිදරව්වත් සමග ය.

එහෙත් සාමකාමීව හුන් කාල නැවතත් භූතාත්මය සමග කතා කරන්නට වූයේ ය.

" අර මොකටද..."

" ඒ... ඒ... ඒ... උඹ නිසා.. ගුරුන්නාන්සෙ.. උඹ නිසා..."

____________

සමාවෙන්න රීඩස්... ඔරියන්ටේශන් නිසා මේ දවස්වල එන්නෙ රෑට රෑ වෙලා... ඒ ඇවිල්ලා කතාව දාන්න අමාරුයි... මං පුලුවන් විදිහට අප්ඩේට් දාන්නං... අනේ ආයෙත් සොරි...❤

කාල.... (Yizhan)Where stories live. Discover now