🦋පස්වන දිගහැරුම🦋

3K 582 119
                                    

මම දවල් වෙද්දි ආයෙ ස්‍ටේශන් එකට ගියෙ කිඩ්නැප් කරපු ගෑණු දරුවගෙ කේස් එක ගැන දීප් එක්කත් කතා බහ කරන්නත් එක්ක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම දවල් වෙද්දි ආයෙ ස්‍ටේශන් එකට ගියෙ කිඩ්නැප් කරපු ගෑණු දරුවගෙ කේස් එක ගැන දීප් එක්කත් කතා බහ කරන්නත් එක්ක.. මොකද දැන් දරුව නැති වෙලාම දවස් තුනක් වෙනවා.. ඒ පොඩි එකීට මොනව හරි කරදයක් කරලද , උන් තවම ජීවත් වෙනවද කියලවත් අපි දන් නෑ.. ඉතින් පොලිස් නිලධාරින් උන අපිට වඩා හිතේ අමාරුවක් තියෙන්නෙ ඒ දරුවගෙ දෙමව්පියන්ට.. ඒ හින්ද මම මගෙ උපරිමයෙන්ම කාලය මේ කේස් එක වෙනුවෙන් යෙදෙව්වෙ.. ඒ ළමයව කොහොම හරි හොයාගන්නව කියන දැඩි අදිශ්ඨානය ඇතිව..

"" ගමේ අයගෙන් විස්තර ටිකක් උබ අහල බැලුවද..""

මම ඇහුවෙ දීප්ගෙන් මම ඉන්න මේසෙ පුටුවෙන් ඇවිත් ඉද ගන්න ගමන්..

"" ඔව් බං..වයසක මනුස්සයෙක් මට හම්බ උනා ඔය දරුව යන්න ගිය කඩේට අඩි දෙකක් එහයින් වගේ.. ඒ මනුස්සය මට කියපු හැටියට දවල් එකත් එකයි කාලත් අතර වීල් එකක් ගිහින් තියෙනවා ඒ පාරෙ..""

"" පාට දැකල නැද්ද.. අඩු තරමෙ නම්බර් ප්ලේට් එකවත්..""

"" කොළ පාට වීල් එකක් කියල කිව්වෙ.. නම්බර් ප්ලේට් එකක් බලාගන්නත් ඒ මනුස්සයට පේන් නෑ බං.. පට්ට නාකි උබෙ අයිය වගේ..""

සීරියස් කේස් එකක් ගැන කතා කර කර ඉද්දි.. මූ ආයෙත් මගෙ සුදු අයියව ගාවල ගත්තම මෙතනට.. මට ආපු කේන්තියට දෙන්න හිතුන මුගෙ මූණ රොටියක් වෙන්න..

"" මම උබට කියල තියෙනවා..මගෙ අයිය නාකි නෑ කියල..""

"" හැක් හැක් තමයි.. උබ ලගින් තියන්න බෑ බං උබෙ අයියව.. ඇත්තටම මම අහන්නෙ උබෙ අයියව උබලගෙ අම්මට හම්බ වෙලා තියෙන්නෙ අවුරුදු හයෙන් හතෙන් වගේද බං..""

"" මොකද්ද උබ කියන්න හදන්නෙ..""

"" උබෙගෙයි උබෙ අයියගෙයි දහනමයක වයස් පරතරයක් තියෙන්නෙත් .. අනික බං උබෙ අයිය ලගින් උබව තියන්නවත් බෑ.. අහසට පොළව වගේ පෙනුමත්..""

🌸 කැමීලියා 🌸 (✅)Where stories live. Discover now