ස්ටේශන් එකට ගොඩ වෙලා ස්කූටි එක පාක් කරන්නවත් මට වෙලාවක් හම්බ උනේ නෑ ... මගෙ යාලුවො ඔක්කොම මාව වට කරගෙන එක එක ප්‍රශ්න අහන්න ගත්ත ඇයි ආවෙ නැත්තෙ මොකද්ද උනේ කියල මට.. ඉතින් මම එයාලගෙ හැම ප්‍රශ්නයක්ම මග ඇරල මගෙ රූම් එකට ඇවිත් පුටුවෙන් ඉද ගන්න හදද්දිම..
"" ආරව් උබට සර් කතා කරා...""
"" හ්ම්...""
දීප් මට OIC කාරයගෙ පණිවිඩේ කියල යන්න යද්දි..මම ඉතින් අකමැත්තෙන් බොසාගෙ රූම් එකට ගියෙ දැන් ඉතින් හොදට බැනුම් අහන්න නම් වෙනව කියල දැන දැනමයි..
"" ගුඩ්මෝනින් සර්..""
"" මොන ගුඩ්ද අයිසේ...""
"" ඇයි සර් එහෙම කියන්නෙ...""
"" තමුසෙල වගේ පොලිස් කාරයො ඉද්දි මට එහෙම නැතුව කොහොම කියන්න කියලද කියන්නෙ..තමුසෙ මගෙන් අහලද මේ ටිකේම නිවාඩු ගත්තෙ කියනවකො.. දැන් බලනවා මෙතන වැඩ එක දෙක වෙලානෙ තියෙන්නෙ ඕයි..""
"" සොරි සර්.. ඇත්තටම මම...""
"" නිදහසට කරුණු ඇහුවෙ නෑ මම.. අදින් පස්සෙ ආයෙ තමුසෙට නිවාඩු නම් දෙන් නෑ.. එච්චරයි...""
"" හරි සර්...""
OIC කාරය රූම් එක දෙවනක් වෙන්න මට කෑ ගහද්දි මම ඒ හැමදේම ඔලුව පහත් කරන් අහන් හිටියෙ රස්සාව නැති කරගන්න ඕන කමක් තිබ්බෙ නැති නිසා..
"" යනවා..දැන්..""
සැලුට් එක ගහපු මම රූම් එකෙන් එලියට ආවෙ එච්චර හිත හොදකින් නෙමේ.. මොකද ඉතින් දැන් මම වැඩ කරන්න පටන් ගත්තෙම බැනුම් අහසක් අහගෙනනෙ.. ඉතින් අද මුස්පේන්තුම වෙලා ගිය නිසා මම මගෙ රූම් එකේ ඇන්ට්‍රි පොතක් චෙක් කර කර ඉද්දි.. දීපයත් රූම් එකට ඇවිත් මගෙ ඉස්සරහ පුටුවෙන් ඉද ගත්තෙ යෝගට් කිරි බෝතලේකුත් මගෙ මූණ ඉස්සරහට දික් කරගෙන..
"" බීපන්...""
මම කට ඇද කරගෙන බෝතලේ අරන් මූඩිය ගලවගෙන උගුරක් දෙකක් යෝගට් කිරි එකෙන් බීල මේසෙ උඩින් තියල බැලුවෙ දීපය දිහා.. එතකොටයි දැක්කෙ මෙච්චර වෙලා ඌ මන් දිහා කන්න වගේ බලන් ඉදල තියෙන්නෙ කියල...
"" මොකද බං...""
"" මමයි අහන්න ඕන ඒක උබෙන්.. ඊයෙ ඇයි යකෝ බොරු කියල රෝන්දෙ ගියෙ ආ...""
YOU ARE READING
🌸 කැමීලියා 🌸 (✅)
Romanceමා දුටු සුන්දරම සිහිනය නුබයි හිත නිවන නුබේ සිනහව භාවනාවක් වැනි නුබෙ කටහඬ සොදුරු නුබෙ රූපය සත්තකින්ම නුබ වශීයකි රුවට නොව පෙම් කලේ මම නොවැටහේ ඇයි සිතන්නේ නුබ ගැන නුබෙන් තොර ලෝකයක සිටිනු බැහැ කවමදාක මග බලන් ඉන්නෙමි මම සත්තකින්ම නමුදු නුබ සිහිනයකි එයය...