🦋නමවන දිගහැරුම🦋

2.8K 543 123
                                    

සුදු අයියගෙන් බේරෙන්න කියල දිව්වට මට වැඩි දුර යන්න හම්බ උනේ නෑ.. දඬු අඩුවකට අහු උනා වගේ එයාගෙ රළු අත් අතරට මාව හිර උනා..

"" හපන්න නම් එපා හරිද...""

මම දන්නව දැන් එයා ඔය එන්නෙ හොදකට නෙමේ කියල.. මම සුදු අයියගෙ අත් වලින් ගැලවෙන්න දැගලුවත්.. ඊළගට උන දෙයින් තව පොඩ්ඩෙන් මම මැරෙනවා..

මම එයත් එක්කම සෝෆා එක උඩට වැටෙද්දි.. සුදු අයිය හිටියෙ මගෙ ඇග උඩ පර්වතයක් වගේ.. එයා මගෙ දිහා බලාන ඉදල කට කොනින් හිනා වෙලා කරපු දේට මට දවල් තරු පෙවුනෙ..

"" අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් රිදෙනව...රිදෙනවා.....ආව්ව්ව්ව්ව්........""

සුදු අයිය හිට්ලර් සොම්බියෙක් වෙලා එක පාරටම මගෙ බෙල්ලට පහත් වෙලා එයාගෙ යක්ස දත් වලින් මාව කෑව.. ම්හ්ක් රිදුන නිසාම මම මර ලතෝනි තිබ්බ.. සමහර විට අල්ලපු ගෙදර අයටත් ඇහෙන්න ඇති.. මොනා කරන්නද මට ඉන්න අයිය එයාගෙ මල්ලිව කන්නමනෙ හදන්නෙ මොනා හරිම හේතුවක් ඉස්සරහට දාල..

"" රිදුනද ඉතින්...""

සුදු අයිය මගේ කනට ලන් වෙලා අහපු ගොං ප්‍රශ්නෙට දෙන්න හිතුන උණ්ඩුකපුච්චෙ බඩ වටේ කැරකිලා කටින් එන්න..ම්හ්ක් රිදුනද අහන්නෙ මේ නොදරුවව හැපුවම රිදෙන් නැතුව සනීපයක් දැනෙනවද මම අහන්නෙ..

"" ලේත් එනවද මන්ද..""

මෙච්චර වෙලා සුදු අයියගෙ බාහු හිල් වෙන්නම මගේ අත් වලට තද වෙලා තියෙද්දි.. එයා මාව අතෑරියයින් පස්සෙ මම මගේ බෙල්ල අල්ලගෙන එයාට රවන්න ගත්ත..

"" ඔව් ලේ එනව කටින්..""

මගෙ ඇග උඩින් බැහැපු සුදු අයිය එයාගෙ කාමරේට යන්න ගියෙ මෙතන මොකුත්ම නොවුන ගානට..

"" එයාට ඕන වෙලාවට මාව කාල යන හැටි විතරක්.. හිතන් ඇත්තෙ මම මස් කෑල්ලක් කියල වෙන්න ඇති..""

සෝෆාවට පයින් පාරක් ගහපු මම අතින් බෙල්ල අල්ලගෙන කාමරේට ගිහින් ඇඳෙන් ඉද ගන්න හැදුව විතරයි..

"" බබූ මෙහෙ එනවකො මේ කොස් ගෙඩියක් තියෙනවා කපන්න..""

හරිනෙ අමාරුව දැන් ඉතින්.. කොහොල්ල ගාගෙන එක විකාරයක් කරගන්න වෙන්නෙ එයා එක්කල.. සුදු අයිය වෙලාවකට මහ නරකයි අප්ප.. මගෙන් පලිගන්න තමයි ඔය කොස් ගෙඩියක් කපන ප්ලෑන් එක ගහන්න ඇත්තෙ..

🌸 කැමීලියා 🌸 (✅)Where stories live. Discover now