🦋හතලිස්දෙවන දිගහැරුම🦋

2.6K 409 77
                                    

( මාස දෙකකට පසු )

මම අප්පච්චි කෙනෙක් වෙන්න යන්නෙ කියල දැන ගත්ත දවසෙ ඉදන් මන් බබූව බලාගන්නෙ මලකටත් වඩා පරිස්සමින්.. එයාට ඇඳෙන් බහින්නවත් ඉඩක් නොදෙන මම හැම වෙලාවකම එයාව උස්සගෙන තමයි ගේ හතර වටේ උනත්‍ යන්නෙ.. මොකද ඩොක්ටර් එදා කියපු දේවල් මගෙ හිතට තදින්ම කාවැදුන නිසා.. මම ඕනවටත් වඩා හිතුවෙ මගෙ කොල්ලගෙ ආරක්ශාව ගැන..

බබූ බාතෲම් යද්දි එයාගෙ පස්සෙන් ඉන්නත් එයා නිදා ගද්දි එයාට නින්ද යනකන් ඉන්නත් එයා කෑම කද්දි ටිකෙන් ටික එයාට කෑම කවන්නත් මම දැන් පුරුදු වෙලා ඉන්නෙ.. මේ කිසි දෙයක් මන් වදයක් කියල හිතල නෑ.. මොකද බබූ කුසේ තියන් හදන්නෙ අපි දෙන්නගෙම දරුව.. ඉතින් එයාට විදින්න තියන වේදනා එක්ක මම මේ විදින්නෙ වේදනාවක් නෙමෙයි.. මේ සේරම දේවල් මම කරන්නෙ හරිම ආදරෙන් සහ හරිම සතුටින්.. මොකද මම දිනෙන් දින ඇඟිලි ගැන ගැන බලන් ඉන්නෙ මගෙ දරුව මගෙ ලගට පරිස්සමින් එනකන්..

"" තව නම් කන්න බෑ අයියෙ..""

"" එහෙම කියල බෑනෙ මැණික.. කෝ මේ ඇපල් කෑල්ල විතරක් කන්නකො..""

දැන් මම මේ පැය ගානක ඉදන් බබූ එක්ක ඔට්ටු අල්ලන්නෙ පලතුරු ටික කවාගන්න.. මිදි ගෙඩි පහක් එක්ක දොඩම් ගෙඩියක් කෑව මිසක් ඇපල් දිහා බලන්නෙවත් නැති එයාට ඒක කවන්න කොච්චර උත්සහ කරත් මේ කොල්ල නෙමේ ඇපල් කෑල්ලක් වත් කටේ තියන්නෙ..

"" හැබැයි මම දානවා හරිද කාපුව සේරම.. මට බලෙන් ඔය ජරාව කවන්න ආවොත් එහෙම..""

"" අහ් දාන්නමයි බලන් ඉන්නෙ නේද.. පෙනේද සුදු මැණික තාත්තන්ඩිගෙ මුරණ්ඩු කම..කන්න කිව්වට කන්නෙම නෑනෙ ඉතින්..""

යාන්තම් ඉදිරියට නෙරල තියන කුස ලගට පහත් උන මම දරුවට බබූ ගැන කම්ප්ලේන් කරද්දි එයා මගෙ ඔලුව අත ගාල හිනා උනේ පොඩි එකෙක් වගේ..

"" අයියෙ...""

"" හ්ම්..""

"" ඔයා ආස දුවෙක්ටද පුතෙක්ටද..""

"" හ්ම්ම්ම්....දුවෙක්ට තමයි ගොඩක්ම කැමති... ඒත් ඉතින් පුතෙක් උනත් අවුලක් නෑ..""

"" හරි කපටි අප්ප ඔයා..""

"" එහෙම තමයි.. මගෙ දරුව අහන් ඉද්දි අප්පච්චි පොඩ්ඩක් කපටි වෙන්නත් එපෑ...""

🌸 කැමීලියා 🌸 (✅)Where stories live. Discover now