යාද් P.O.V
මට දැන ගන්න ඕන උනා අදම බබූගෙන් ඉසුරුට එයා ඇත්තටම ආදරේ කරනවද කියල..මොකද සමහර විට මම නිසා එයා එයාගෙ හිතේ තියන කැමැත්ත හංගන් ඉන්නව නම් මට අකැමැත්තෙ උනත් බබූව එයාගෙ හිතේ ඉන්න ආදරවන්තය ලගට යවන්න පුලුවන්නෙ..
ඉතින් ඒ හින්දම මම පැකිලීමක් නැතුවම එයාගෙන් ඇහුව එයා ආදරේ කරන්නෙ ඉසුරුට ද කියල.. හැබැයි මම අහපු දෙයින් ටිකක් කලබල ගතියක් පෙන්නපු බබූ.. නිරුත්තරවම මගෙ මූණ දිහා බලාගෙන හිටියෙ දුකින් වගේ..
"" සුදු අයියෙ මම කැම.....""
"" දැම්ම කියන්න ඕන නෑ.. හිතල බලල උත්තරයක් දෙන්න..""
එයා එක පයින්ම ඉසුරුට කැමතිද නැද්ද කියල කිව්වෙ නැති නිසා.. හිත රිද්ද ගත්ත මම බබූගෙ කාමරෙන් එලියට ආවෙ එයාගෙ මූණ බලාගෙන මට තවත් එතන ඉන්න බැරි කමට..
"" අයියෙ මේක ගන්න...""
"" මොනවද මේ...""
කල්පනාව පිට සාලෙට ආපු මන් ලගට තරුෂ මල්ලි ඇවිත් මොනව හරි බර දෙයක් තියන ඉටි බෑග් එකක් මගෙ අතට දික් කරපු තරුෂ මල්ලි දිහා මම බැලුවෙ ඇස් ලොකු කරගෙන..
"" අපෙ අම්ම දෙන්න කිව්වෙ මේව ආරව්ට.. වැඩි දෙයක් නෑ ඉදි අප්පම් එක්ක මාළු මිරිසට හදල සීනි සම්බෝලයක් තියෙන්නෙ...""
"" ආහ්.. බබූ ගොඩක් ආස කෑම ටිකක්නෙ..""
"" අම්ම දන්න නිසාමයි හදල එව්වෙ අපෙ අතේ...""
තරුෂ මල්ලි හිනා වෙලා ගිහින් සෝෆාවෙන් ඉදගද්දි.. මම නිහඬව අපි දිහා බලන් ඉන්න ඉසුරු දිහා බලාගෙන කුස්සියට ගියෙ එයාල දෙන්නට මොනා හරි බොන්න හදන්න කියල හිතාගෙන..
-
-
-
-
-
-මම හදල දුන්න කිරි කෝපි දෙක දෙන්න එක්ක බීල ඉවර වෙලත් මන් එක්ක ටිකක් වෙලා කතා කර කර ඉද්දි.. බබූත් අපේ කතාවට එකතු උනේ එවෙලෙ නිදාගෙන නැගිටල ආවෙ වගේ රගපාන ගමන්..
බබූයි තරුෂයි හිනා වෙවී කතා කර කර ඉන්න හැම වෙලාවකම මම දැක්ක ඉසුරුගෙ ඇස් තිබ්බෙම බබූ ලග කියල.. හැබැයි එයාගෙත් ඇස් සැරින් සැරේට ඉසුරු ලගට යනව දැක්ක නිසාම මම එයාලගෙ කතා බහට බාදා නොකර කාමරේට ඇවිත් සිගරට් පෙට්ටියයි ලයිටරෙයි අරන් ගෙයින් එලියට ඇවිත් මිදුලෙ නවත්තල තියෙන මගෙ බයික් එකට හේත්තුවක් දාගෙන සිගරට් එකක් පත්තු කරන් බොන්න ගත්තෙ සාලෙ දොර දිහා සැරින් සැරේ බල බල..
ESTÁS LEYENDO
🌸 කැමීලියා 🌸 (✅)
Romanceමා දුටු සුන්දරම සිහිනය නුබයි හිත නිවන නුබේ සිනහව භාවනාවක් වැනි නුබෙ කටහඬ සොදුරු නුබෙ රූපය සත්තකින්ම නුබ වශීයකි රුවට නොව පෙම් කලේ මම නොවැටහේ ඇයි සිතන්නේ නුබ ගැන නුබෙන් තොර ලෝකයක සිටිනු බැහැ කවමදාක මග බලන් ඉන්නෙමි මම සත්තකින්ම නමුදු නුබ සිහිනයකි එයය...