උඩ දදා හොදි හැදුවට දැන් ඉතින් මට බඩ යන්නම සුදු අයියගෙන් කයි කතන්දර අහන්න වෙයි.. ඇයි අනේ එයා දුන්න දේ කාල පාඩුවෙ ඉන්න මනුස්සයෙක් නෙමෙයි..හෙට වෙනකන් ඇට නැති පරිප්පුව ගැනම කියවයි..
"" මම හිතුව හොද්ද ගේන්නත් මටම එන්න වෙයි කියල..""
බෙලෙක් පිඟානකට පරිප්පු දාගෙන මම සාලෙට ගෙනුච්චෙ පාන් බෑග් එකත් අතේ තියාගෙන.. හිතුව වගේම ගත් කටට නොසන්ඩාල කතා සුදු අයිය මට කියද්දි දෙන්න හිතුන පරිප්පු හොද්දෙන්ම මූණට..
"" කාල බලලම ඇනුම් පද කියන්නකො මට..""
මූණත් ඇද කරගෙන මම එහෙම කියද්දි.. සුදු අයිය අමුතු හිනාවක් දාල පාන් කෑල්ලක් හොද්දෙ පොගවල අරන් එයාගෙ කටට වෙනුවට මගේ කටේ එබුවා..
"" මොකජ්ජ අම්බේ ඒ කරේ..""
"" අඹ නෙමේ පරිප්පු.. රසද ඉතින්.. උබනෙ හැදුවෙ..""
කිව්වත් වගේ ලුණු ටිකක් මදි ඇට තැම්බිලත් නැද්ද මන්ද.. ඒත් ඉතින් හදපු මමම මගෙ හොද්දෙ වැරදි කියනවද අනේ.. බල්ලෙක්ට කන්න බැරි උනත් පූසට හරි කන්න පුලුවන් ඇතිනෙ..
""රසම රසයි..""
"" උබෙ බොරුව..""
මටත් රව රව සුදු අයියත් හොද්දෙ පාන් කෑල්ලක් පොගවල හක්කට දාගෙන හපන්න ගත්තෙ.. හරකෙක් තණකොළ කනව වගේ කට හදන්.. එයාගෙ මූණ බලල මට හිනා යන්න ආවත් හිර කරගෙන හිටියෙ හොද ටොක්කක් කන්න වෙයි කියල දන්න නිසාමයි..
"" සුදු අයියෙ..""
"" හ්ම්..""
"" කවුද අනේ ඇත්තටම මම නොදන්න ඔයාගෙ කැමීලියා මල..""
"" ඛැහ්...ඛැ...හ්...ඛැ...හ්....""
"" ඔය ඉතින් හෙමින් කන්නකො අනේ...""
YOU ARE READING
🌸 කැමීලියා 🌸 (✅)
Romanceමා දුටු සුන්දරම සිහිනය නුබයි හිත නිවන නුබේ සිනහව භාවනාවක් වැනි නුබෙ කටහඬ සොදුරු නුබෙ රූපය සත්තකින්ම නුබ වශීයකි රුවට නොව පෙම් කලේ මම නොවැටහේ ඇයි සිතන්නේ නුබ ගැන නුබෙන් තොර ලෝකයක සිටිනු බැහැ කවමදාක මග බලන් ඉන්නෙමි මම සත්තකින්ම නමුදු නුබ සිහිනයකි එයය...