🦋හත්වන දිගහැරුම🦋

2.8K 581 128
                                    

( අතීතයෙන් අඩක් )

📖️📖️📖️📖️📖️📖️📖️

මම යාද් රණතුංග එහෙමත් නැත්තම් අම්මගෙයි තාත්තගෙයි චූටි පුතා... පවුලෙ එකම දරුව වෙච්චි කොට මට දෙමව්පයන්ගෙන් නොසෑහෙන්න ආදරේ ලැබුන..ඒ වගේම මගෙත් මුලු ලෝකෙම එයාල දෙන්න උනේ.. අඩුවක් පාඩුවක් නොකර මාව හදපු ඒ දෙන්න වෙනුවෙන් මම දෙයක් කරන්න ඕන කියන අදිශ්ඨානය ඇති උනේ මට අවුරුදු 16 ඉදන්..

මගෙ එකම ආසාව යුධ හමුදා විශේශ බලකායට ඇතුල් වෙන එක.. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි උනා. බලකායට ඇතුල් වෙන්න නම් විශේශයෙන් දරා ගැනීමේ හැකියාව,කායික හා මානසික ශක්තිය වගේ ගොඩක් විශේශ ගුණාංග අත්‍යවශ්‍ය උනා.. ඒ නිසාම විශේශ බලකායට බැඳෙන්න පෙර මට ගොඩක් අපහසු පුහුණුවකට මූණ දෙන්නත් සිද්ද උනා.. අවුරුදු 23න් මම ආමි එකට බැදුනෙ හිතේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන..අවුරුද්දක කාලයක් පුහුණු වීම් ලබල මම 1 වන විශේශ බලකා රෙජිමේන්තුවේ වැඩ කරද්දි..සතුරන් සමග ගැටෙන්න සීනියර්ස්ල ගොඩක් මහන්සි වෙන විදිහ දැක්ක..අපේ කොල්ලො එක එකා මැරිල යන විදිහ දැක්කම.. මට ඇඬුන..අත පය කකුල් නැතුව මස් කෑලි එල්ලි එල්ලි උන් කෑ ගගහ අඬනව මගෙ ඇස් දෙකට පෙනෙද්දි..මම හිටියෙ ගොඩක් බය වෙලා..මොකද මගෙ ජීවිතේත් නැති උනොත් අම්මටයි තාත්තටයි මොනව වෙයිද කියල හිතුව..

එහෙම නැත්තම් මගෙ කකුලක් අත පයක් ගිහින් බේරුනොත් මම එයාල දෙන්නට බරක් වෙයිද කියලත් හිතුන.. ඔය හැමදේම එක්ක මම හිටියෙ ගොඩක් මානසිකව ඇද වැටිල..ඒත් මගෙ හිත හැම වෙලාවකම හැදුවෙ මගෙ හොදම යාලුව උන නිරාශ.. ඌ මන් එක්කමයි පුහුණු වීම් වල පවා හිටියෙ ඉතින් අපි දෙන්නම එකම තැනකට වැටුන ඒකට නම් මම දෙයියන්ට ස්තූති කරා..

 ඌ මන් එක්කමයි පුහුණු වීම් වල පවා හිටියෙ ඉතින් අපි දෙන්නම එකම තැනකට වැටුන ඒකට නම් මම දෙයියන්ට ස්තූති කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🌸 කැමීලියා 🌸 (✅)Where stories live. Discover now