chapter-1💮

150 13 6
                                    

Peony මලක්, සුදු පාට වාස් එකේ ලස්සනට දිලිසෙන රෝස පියොනියක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Peony මලක්, සුදු පාට වාස් එකේ ලස්සනට දිලිසෙන රෝස පියොනියක්....🌸
හවසට මැලවෙන බව දන්නවා වුනත්, මේසෙ උඩ ලස්සනට තම අණසක පතුරුවන් ඉන්න රෝස පියොනිය මට කෙනෙක් මතක් කරවනවා.💮💮💮

දන්නවාද, සමහර පුංචි පුංචි දේවල් වලට පුළුවන් අපේ මතක අවුස්සන්න, අපේ අතීතය ආයෙම ගොඩ ගන්න. ඔයාට මේක තවත් එක මලක් වුනාට මට ඒක මතක පිරුණු ලෝකයක්.

මම කවුද කියලා දැනගන්න ඕනද?
නෑ, ඒක එච්චර වැදගත් දෙයක් නෙවෙයි.
ඔයාට පුළුවන් නම්, ටිකකට මගේ කතාව අහන් ඉන්න. මට දැන් කාට හරි කතා කරන්න ඕන. මොකද මං මේ ලෝකේ තනි වුණ කෙනෙක්. මතකයන්ට පුළුවන් මිනිස්සු හරි ලස්සනට ජීවත් කරවන්න, ඒ වගේම මතකයන්ට පුළුවන් මිනිස්සු නොමරා මරන්න. මටත් තියෙනවා මතක කන්දරාවක්. මටත් ඕන නිදහස් වෙන්න, මගේ හිතේ තියෙන හැම දේම කියලා නිදහස් වෙන්න.
ඒත් මේ ලෝකේ හරිම කුරිරුයි. මිනිස්සු හරි කැමතියි තවත් එකෙක්ගේ දුක අහන්න, අනුකම්පා කරන්න. හැබැයි ඒක ඒ අයට සිදුවීමක් විතරයි. එක රසබර කතාවක් විතරයි.

මට ඕන නෑ කාගෙන්වත් අනුකම්පාවක්. මොකද මගේ හැඟීම්, මගේ දුර්වලතාව මම කැමති නෑ තව කවුරුහරි මට විරුද්ධව අවියක් කර ගන්නවට.💔 දුකේදී ඔළුව ගහන් අඬන්න උරහිසක්, දුක සතුට ඕන එකක් අහන විශ්වාසවන්ත හදවතක්, තුරුල් වෙන්න ආරක්ෂාව ආදරය පිරුණු පපුවක් කියන්නෙම මනුස්සයෙක්ට මේ ලෝකේ ලබන්න පුළුවන් වටිනාම දේවල් ටිකක්. 🫂
මම මගේ කතාව ඔයාට කියන්නේ ඔයා මාව දන්නේ නැති නිසා. මොකද මේ ලෝකේ අපිට රිද්දන්න පුළුවන් අපි වටේ ඉන්න අපිව දන්න අයට මිසක, අපිව නොදන්න අයට නෙවෙයි.

හරි මගේ පඬි කතා ඇති නේද? එච්චර ලස්සන නෑ, හැබැයි අහන් ඉන්න.🙂

මම ගැන කියනවනම් මම දෙමව්පියන්ගේ ආදරය අහිමි වුණ කෙනෙක්. හැබැයි ටික කාලෙකට හරි මට ඒ දෙන්නාගෙන් ලැබුණු ආදරය මහ මෙරක්. අම්මාගෙයි තාත්තාගෙයි මරණෙන් පස්සේ මමයි, අයියයි මේ ලෝකේ තනි වුණා. ඒ නිසාමද මන්දා මම ටිකක් ගුප්ත, සීතල ගති තියෙන කෙනෙක්. අපිව බලා ගත්තේ අපේ මාමා. එයා ටිකක් තද චරිතයක්.

Peony(💯✅)Where stories live. Discover now