Chapter-5 🌹

53 10 2
                                    

ගෙදර ගියත් මගේ සතුටෙ අඩුවක් නොවෙනකොට, ඒ වෙනස මගේ අයියටත් හොඳට දැනිලා තිබුණා.
"මොකද මල්ලි අද නිකං මූනේ මල් හතයි වගේ?"
"මගේ මූනේ මල්, න්..නෑ..නෑ.. එහෙම මුකුත් නෑ" මට නිකන් වචන පැටලෙන්නත් එනවා වගේ.
"නැද්ද, හ්ම් අපි බලමු " අයියා මට නක්කලේට හිනා වගේ කට කොනින් හිනාවකුත් දාගෙන යන්න ගියා.
"ෂිට්, අයියා මොනවා හිතුවද දන්නේ නෑ" ඕන මගුලක්. කාගෙන් හැංගුවත් මං දන්නවා මගේ හැඟීම් මටත් කලින් අයියට දැනෙන බව. එයාට මාව හරියට නිකං පෙරලපු පොතක් වගේ. අයියත් එක්ක බොරු බෑ. හැබැයි මං මගේ කටින් මුකුත් කියන්නෙත් නෑ.

වෙනදට නැති ගැම්මකින් ඉක්මනට wash එකක් දාගෙන ඇඳට පැනපු මට සැපට නින්ද ගියා. හීනෙනුත් මට පෙනුනේ බෝල ඇස් හීනි කරන් හා දත් පෙන්නලා හිනා වෙන එයාගේ ලස්සන මූන.

හිතට දුකක් කරදරයක් තියෙනකොට තත්පරයක් ගෙවෙන්නෙත් කල්පයක් වගේ වෙනකොට, සතුටින් කල්පයක් හිටියත් අපිට දැනෙන්නේ ඒක එක තත්පරයක් වගේ පුංචි කාලයක් විදියට.

පිටට අනිත් හැමෝටම මම කලින් හිටපු සීතල මූණම වෙනකොට, එයා ඉස්සරහ මම ජීවත් වෙන්න පටන් ගත්තා. ඇත්තම කියනවා නම් එයා මට ටිකින් ටික ජීවිතේ ඉගැන්නුවා. කා එක්කවත් ලොකුවට හිනා නොවෙන මම එයාට විතරක් මගේ ලස්සනම හිනාවෙන් සංග්‍රහ කළා, එයාටම විතරක්. මේ මුළු ලෝකෙන්ම එයාට විතරක්, මම එයා වෙනුවෙන්ම මංම හදපු සිංදුවක් කිව්වා.
එයා ළඟ මට ලොකු නිදහසක් දැනුනා, හරියට කූඩුවක හිටපු කුරුල්ලෙකුට තටු දිග ඇරලා නිල් අහසේ නිදහසේ කරක්ගහන්න හම්බුනා වගේ හැඟීමක්. එකදිගටම කියවන එයාට ඔහේ කියවන්න දීලා මම පාඩුවේ අහන් හිටියා. එයාගේ දඟ වැඩ බලලා මම හිතින් ගොඩක් සතුටු වුණා. හරියට මට දැන් මාව සම්පුර්ණයි වගේ දැනෙනවා.

ඕන කෙනෙක් එක්ක සාමාන්‍යයෙන් කටපුරා හිනාවෙන එයා ඇත්තටම පිරිසිදු හදවතක් තිබුණු කෙනෙක්. දවසක් එයා බඩගින්නේ හිටපු අසරණ දුගී දරුවෙකුට දෙපාරක් නොහිතා ම එයාගේ කෑම එක දීලා ඒ දරුවා කන දිහා බලලා සතුටු වුණා. කොච්චර අහිංසක වුනත් අසාධාරණේ පේන්න බැරි එයා නප්පෙටම තදවෙලා යකා නටන්න ගන්නවා. එතකොට නම් එයාගේ යක්ෂ වර්ෂන් එකට මටත් ටිකක් ටිකක් බය හිතෙනවා. කොච්චර පිස්සු නැටුවත් එයා ඉගෙන ගන්න එකත් අනිත් දේවල් එක්ක හරි ලස්සනට බැලන්ස් කර ගත්තා. එයා ඇත්තටම පන්තියේ හිටපු දක්ෂ ළමයි අතරින් එක්කෙනෙක්.

Peony(💯✅)Where stories live. Discover now