මාව හැප්පෙන්න ගිය කාර් එක පාර මැද එහෙම්මම නවත්තලා තිබුණා. කාර් එක පාමුල මිනිසුන් වට වෙලා. ලේ විලක් මැද මනුස්සයෙක් වැටිලා හිටියා.
ඒත් ලේ වලින් පෙඟුනු ඒ ඇඳුම් එයාගේ.
නෑ, වෙන්න බෑ.
මට හරියටම බලා ගන්නා ඕන වුනා. හදිසියේවත් මගේ හිතේ සැකේ හරි ගියොත්. නෑ, එහෙම වෙන්න එපා දෙයියනේ. මම කොහොමද දරා ගන්නේ?මම මගේ වටේ හිටපු මිනිස්සුත් තල්ලු කරන් එතනට දුවලා ගියා. දැක්ක දේ, මට දරාගන්න බෑ. දකින්න නොපතපු දේම ඇස් ඉස්සරහා තියෙනකොට මාව අල්ලලා පොලොවෙ ගැහුවා වගේ මට දැනුනේ.
එයා ඉන්නවා, ලේ ගොඩ උඩ හුස්ම ඇද ඇද. එයා අමාරුවෙන් මා දිහා බලලා හිනා වුණා. මම මිනිස්සු ඔක්කොම ඉස්සරහ එයාව තුරුල් කරන් එයාගෙ ඔළුව මගේ උකුල උඩින් තියා ගත්තා."අනේ, ඉක්මනට මෙයාව බේර ගන්න."
"උදව් කරන්න"
"අන්..නේ..හ්.."
මම ඒ අතින් අල්ලගෙන කෑ ගහනකොට එයා මගේ අත එයාගේ ඇඟිලි වලින් තද කරන් කිව්ව දේ මාව ගොළු කරලා දැම්මා.
"මට යන්න දෙන්න"
වේදනාව උපරිමයෙන් තියෙන වෙලාවෙත් එයා මං වෙනුවෙන්ම දෙන අර ලස්සන හිනාව ගොඩක් අමාරුවෙන් ඒ මූනේ රඳවගෙන මගේ ඇස් දිහා ම බලන් ඉඳියා. ඒත් එක්කම ඒ ඇඟිලි වල ග්රහණය තද වෙලා ටිකකින් බුරුල් වුනා වගේම ඒ තරු වගේ දිලිසෙන ඇස් මගේ ඇස් ඉස්සරහ සදහටම පියවිලා ගියා.
මම ඇඬුවා, කෑ ගැහුවා ඒත් එයා මගේ ජීවිතේ බේර ගන්න එයාගේ ජීවිතේ බිල්ලට තියලා සදහටම යන්න ගියා.මම අමු පිස්සෙක් ගානට වැටුණා. එයාගේ මරණේ මගේ මුළු ලෝකෙම ගිනි තියනකොට ලෝකෙට ඒක එක ඇක්සිඩන්ට් එකක් විතරක් වුණා.
මගේ අයියට පින් සිද්ධ වෙන්න මම තවමත් හුස්ම ගන්නවා. හැබැයි මගේ හදවත එයා එයත් එක්ක අරන් ගිහින්. මම තාමත් එයා එනකන් මග බලන් ඉන්නවා. හැම රෑකම හීනෙනුත් එයාව දකින මම එදා ඉඳන් නිදි නැති රැයවල් ගෙවනවා. මගේ දුක, මගේ කඳුළු වල බර දන්නේ හැම රෑකම මගේ තනි රකින කොට්ටේ විතරක් වෙනකොට ලෝකෙට මම ආයෙ අර පරණ පුරුදු පුද්ගලයම වුණා.
එදා යන්නම් කියපු එයා, ආයෙ එන්නම් කිව්වේ නෑ. මට පරිස්සමින් ගෙදර යන්න කියපු එයා එයාගේ මතක වලින් මාව හිර කරලා සදහටම යන්න ගියා.
මතක වලට පුළුවන් හරි ලස්සනට මිනිහෙක්ව ජීවත් කරවන්න......
ඔව් මම තවම හුස්ම ගන්නේ එයා ගැන මට තියෙන සුන්දරම මතක එක්ක.මතක වලට පුළුවන් මිනිහෙක්ව නොමරා මරන්න....
ඔව්, මම නොමැරී මැරෙනවා. ඒ දවස් මතක් වෙන වාරයක් වාරයක් පාසා මම මැරි මැරී උපදිනවා.එයා ඇඳපු චිත්රෙයි, දැන් පොතේ පිටු අතර තියෙන වේලුන පියොනි මලයි විතරයි එයාව සදහටම මගේම හිතේ තියාගන්න මේ ලෝකේ මට තියෙන එකම මතක වස්තු ටික.
දන්නවද රෝස පියොනි මලකින් සංකේතවත් වෙන්නේ මොකක්ද කියලා?
ආදරය, සතුට, මිත්රත්වය, වාසනාව, සෞභාග්යය......ඔව්, එයා තමයි මගේ මේ හැම දේම. "ආදරේ" මගේ ඒකපාර්ශ්වික ප්රේමය.දැක්ක පළවෙනි දවසේ ඉඳන් ම මම එයාට ආදරේ කලා. හැබැයි මට ඒක එයාට කියා ගන්න බැරි වුණා. අදටත් මම දන්නෑ එයා මට ආදරේ කළාද නැද්ද කියලා. හැබැයි මම එකක් දන්නවා මම එයාට තවමත් මුළු හිතින්ම ආදරෙයි.
එයා පියොනියක්. මගේ හද පත්ලේ පිපුණු පියොනිය. මගේ බනී මම ඔයාට මගේ පනටත් වැඩිය ආදරේ කළා. මට සමාවෙන්න,මට ඒක ඔයා ඉස්සරහ වචන කරන්න බැරි වුනාට.
මම හැම මාසෙම පියොනි මල් පොකුරක් අරන් එයා බලන්න යනවා. මිනිස්සු මැරෙනවා, මතක ඉතුරු වෙනවා. හැම වෙලේම තමන්ව කාගේ හරි සුදූ මතකයක් විතරක් වෙන විදිහට වැඩ කරන්න. හරියට මගේ බනී වගේ.
ලෝකේ හමු වීමක් තියෙනම් අනිවාර්යයෙන්ම වෙන්වීමකුත් තියෙනවාමයි.
මනුෂ්ය ආත්මය කියන අම්බලමට ගොඩවුණ අපි හැමෝටම මේ ධර්මතාවය පොදුයි. ඒ නිසා ලෝක ධර්මය තේරුම් අරන් ලබපු මනුෂ්ය භවයෙන් උපරිම ප්රයෝජනයක් ගන්න මතක තියා ගන්න.නිමි......
*
*****************************************
කචාව ඉවරයි එනම්.
මමත් යනෝ යන්න.
දැන්වත් අදහසක් කියලා යන්න.
අඩු පාඩු තිබුණා නම් කමාව.
කතාව කියෙව්ව, වෝට්, කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තූතියි.
ආදරෙයි ඉතින් ❤️
Triple gem bless you ❣️
God bless you.මම Ming Yue 🤍🌝
YOU ARE READING
Peony(💯✅)
General Fictionමතකයන්ට පුළුවන් මිනිස්සු හරි ලස්සනට ජීවත් කරවන්න....... ඒ වගේම මතකයන්ට පුළුවන් මිනිස්සු නොමරා මරන්න..... ජීවිතය කියන්නේම අම්බලමක්..... විවිධාකාර මිනිස්සු හමුවෙනවා....ඒ අය අපේ ජීවිත වලට විවිධ විදියට බලපෑම් කරනවා....ආයේ නොකියම යන්න යනවා....