මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
************"***********************
මවකගේ උනුසුම නොලබා සැපට නිදන
පුතේ......
ඔබටත් මට වගේ තනිකම දැනෙනවා ද
පුතේ.....
ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ....හිතේ තියෙන පාලු ගතිය මගහරින්න පුතේ....
සුරකුමරැන් සමගින් ඔබ හිනැහෙනවද
පුතේ ....
අපි දෙන්නා අදුරැ ලොවක තනිකරදා පුතේ ...
නුඹෙ අම්ම දිව්‍යලෝකෙ ගියා පුංචි
පුතේ....
මා හට දී ඔයා.... ඈ සුරලොව ගියා. ...
සුරවිමනට වැදී මගෙ රන්කද නිදී......තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ..
ඔබ නැතිනම් මා දැනටත් මැරී ඇතැයි සිතේ ....
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයම උනේ ...
කොහොම ද මම සිහි කරන්නේ පුතුගෙ උපන්දිනේ .
මාහට දී ඔයා ... ඈ සුරලොව ගියා ....ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ...
එතකොට මගෙ දෙනෙත් වලට කදුළු පිරෙයි පුතේ.....
සුරවිමනට වැදී මගෙ රන්කද නිදී. .....
බස් එකේ පිරැණු සෙනග මැද්දෙන් මගෙ හිත ඒ ගීතයෙ පද දිගේ ගිහින් තිබුන වෙනකොට මෙච්චර වෙලාම බාගෙට ඇරල තිබුන ජනේලෙන් එලිය බලන් උන්න මම ඇස් වල කදුළු පිස්ස වගේම මගෙ අත්දෙක උඩ තියන් උන්න මගෙ ජීවිතේ වටිනම වස්තුව දිහා බැලුව.... . ........ මගෙ දරැපැටිය...... .. උඹත් කවදම හරි කරදඩු උස්මහත් උන දවසක මගෙන් ඔය ප්‍රශ්නෙම අහයි නේද පැටියො..... එතකොට මටත් උඹට කදුලු වලින් විතරක් උත්තර බදින්න සිද්ධ වෙයි.....
"සුදු පුතේ...."