මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
උනුසුම් හුස්ම පොදක්. ..... හරි සැහැල්ලුවෙන් මගෙ පපු කුහර වලට ගලාන ගියා .... හිරකරපු හුස්ම ටික ආයෙමත් පොඩ්ඩ පොඩ්ඩ රටාවට හැඩගැහෙන්න ගද්දී මෙච්චර වෙලාම මගෙ දෙතොලට දැනුන උනුසුමත් යන්න ගියා. ......
......***********************************
පියවිලා ගිහින් තිබුන ඇස් යාන්තමට අරින්න හැදුව තත්පරේම ආයෙමත් පියඋනා.. එලියක් .........මම ආයෙමත් ඇස් ඇරියා...... දරන්න අමාරැ උනත් මම කරේ අමාරැවෙන් උනත් ඇහිපිය අරින්න දැගලුව එක වෙනකොට ඇරැණ ඇස් පියන් යටින් මම මුලින්ම දැක්කෙ දුවන සුදුපාට ටයිල් කැට........ මම උන්නෙ ට්‍රොලිය උඩ...... හරි වේගෙන් තල්ලු වෙලා යන ට්‍රොලිය උඩ........... ඒ උනාට මගෙ අත හරි උනුහුමට ගුලිවෙලා තිබුන. ........ ඇවිස්සිල විසිරුණු කොන්ඩෙ ..... පොඩි වෙලා ගියපු කමිසෙ ...... ඒ පුංචි මහත්තයා මද කියල මට හිතුන. .... ... .... මගෙ අත ගුලිවෙලා තිබුනෙ ඒ අත් දෙකට. ...... .... මන් පලවෙනි වතාවට කියෙව්වා . .... ඒ ඇස් දෙකේ ලියවිල තිබුන දේ..... එයා බය වෙලා....
.......... "පුං.......චි ම......හ.....ත්තයා. ..... මම කතා කරා ..... ...මන් දන්නෑ ඇයි කියන්න. .... ඒ උනාට මට කියන්න ඕන කරා .. ...... බයවෙන්න එපා කියලා කියන්න ..... ...... ඒ උනාට මගෙ කටින් කිසිම සද්දයක් පිට නොවෙද්දි මගෙ ඇස් වලට කදුළු ඉනුව ..... ....... ආයෙමත් පියවිලා යන්න හදන ඇස් දෙක බලෙන්ම මම ඇරන් ඉන්න හැදුවත් මටත් නොකියම උතුරපු කදුළු කැට දෙකක් විතරක් ඉතිරි කෙරැව ඇස් කෙවනි ආයෙමත් නින්දකට අඩගැහුවා. .....
" අම්මා....... මල්ලී හ්. ...... මම ගෙදර ආවා........... "
" අනෙ මගෙ කෙල්ල. ... පුතේ....මෙහෙට වරෙන්කො
...... මගෙ කෙල්ල ගෙදර ඇවිත්....."අම්මගෙ කෑ ගැහිල්ලට හිරමනේ උඩ උන්න මට ඉබේටම නැගිට්ටුනා.. .... සුදූ ගෙදර ඇවිත්. .... දෙයියනේ ...... අප්පච්චි........
" සුදූ ..... "
"අනෙ මට එහෙ ඉන්න පාලුයි මල්ලි...... "