|| Chapter 26 ||

1.4K 236 45
                                    

ජන්කුක් ටේහියුන්ව වඩාගෙනම සොන් ජී එයාලට නවතින්න දුන්න ගෙදරට ආව. ඒ එනකොට ජින්ට අහුවුනා.. ඉතින් ජින් ඒ වෙච්ච හැමදේකටම තඩිබෑවෙ ජන්කුක්ටයි යුන්ගිටයි.. එයාගෙ බෙයාව බලාගත්තෙ නැ කියල..

ඔය අතරෙ තව පොම්ඩි දෙයක් උනා.. ඒ තමයි ලීසයි රෝසුයි මේ දෙන්නට මේ ගමේ හැන්ඩ්සම් කොල්ලො 2න්නෙක්ට හිත ගියා.. ලීසයි රෝසුයි හිටියෙ සොන් ජීගෙ නෝනගෙ ගෙදර..කට්ටිය සොන් ජී එක්ක එනකොට නෝන අර දෙන්නව එක්කන් ගියා... රෝස්ලීසලගෙ ඒ වැඩෙන් ඒ දෙන්න යුන්ගිටයි,.ජන්කුක්ටයි ආදරෙ කලේ බොරුවට, ඇගවල් වලට විතරයි කියල ඔප්පු උනා...


( ජන්කුක්ලගෙ කාමරේ කලින් chapter එකක ඇති..අමතක අය බලන්ඩ. )

ටික වෙලාවකින් ජන්කුක් ටේහියුන්වත් වඩාගෙන එයාලට වෙන් කරපු රූම් එකට ආව..ඒ එන්න කලින් ඉස්සර වෙලා ආපු යුන්ගි ඉක්මනට ජිමනවත් ඇදගෙන ජිමින්ගෙ කාමරේට ගිහින් දොර වහගත්තෙ, ජන්කුක් නිකන් හරි ටේහියුන්ව දාල එයි කියල හිතුන නිසා...
හැබැයි ඉතින් මෙතනදි හොදම චාන්ස් එක ජිමින්ට....

ටේහියුන්ව ඇද උඩින් තිබ්බ ජන්කුක් ආයෙ ගිහින් දොර වහල ගිනිඋදුනට ඉස්සරහ තිබ්බ පොඩි බංකුවකින් වාඩි උනා... දෙන්නගෙන් එක්කෙක්නෙක්වත් කතා කලේ නෑ... ටේහියුන් ඉන්නෙ බයෙන්..එයාට ජන්කුක් ගහයි කියල, එතකොට ජන්කුක් තාම ඉන්නෙ ටේහියුන් එක්ක කේන්තියෙන්.

අන්තිමට ඕනි මගුලක් කියල හිතුව ටේහියුන් , ඇදෙන් නැගිටල ජන්කුක් ලගට හිමින් හිමින් ගියා.. එයාට මෙහෙම තරහ වෙලා ඉන්න ඕනි උනේ නෑ..
ජන්කුක්ගෙ පිටිපස්සෙන් ගිහින් හිටගත්ත ටේහියුන් , එයාගෙ අතක් ජන්කුක්ගෙ උරහිසෙන් තිබ්බා...

" කූ..."

ම්ම්හු..වැඩක් නෑ.. ජන්කුක් කිසිම ප්‍රතිචාරයක් දුන්නෙ නෑ. එක එල්ලෙ ගිනිඋදුනෙ ඇතුල දිහා බලාගෙන හිටියා.
ඔන්න ඉතින් දැන් ටේහියුන්ට ඇඩෙනව.. රෝස පාට අත්වලින් මූන පිහිද ගත්ත ටේහියුන් , ජන්කුක් එයාව මැරුවත් කමක් නැ කියල ජන්කුක්ගෙ ඉස්සරහට ගිහින් ඔඩොක්කුවෙන් වාඩි උනා..

වැටෙයි කියල බයට ජන්කුක්ගෙ බෙල්ල වටේ අත්පටලව ගත්ත ටේහියුන් කකුල් දෙකම එක පැත්තකට දාල ජන්කුක්ගෙ ඔඩොක්කුවෙ වාඩි වෙලා.. ජන්කුක්ගෙ මූන දිහා බැලුව. ඒත් කලින් වගේම ජන්කුක් උදුන දිහා බලන් ඉද්දි, ටේහියුන්ට උදුන එක්කත් ඉරිසියාවක් ඇති උනා. මොකද එයාගෙ තියරිය, එයාගෙ කූ එයාගෙ විතරයි...

𝐑𝐎𝐔𝐆𝐇 𝐁𝐎𝐘 𝐀𝐍𝐃 𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐑Where stories live. Discover now