< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 08 >

239 46 0
                                    


දවස් කීපයක්ම ගෙවිල ගියා... කිසිම වෙනසක් නැතුව වෙනද විදියටම... හැබැයි වෙනසක් නැ කිවුවට නැත්තෙමත් නෑ... කොහොමත් හැම දවසක්ම එක වගේ නැනෙ..

ජන්කුක් හිටියෙ ජිඔන් කම්පැනි එකේ.. මාෆියා වැඩ වගේකට සෝල් වලින් පිට ගිය නිසා දවස් දෙකක විතර වැඩ ජන්කුක්ට මගඇරිල තිබුන. ඉතින් අද උදේ ජන්කුක් කම්පැනි එකට ආව ගමන් කැබින් එකේ මේසෙ පිරෙන්නම ෆයිල් ගොඩක් සේවකයො ගෙනත් තිබ්බා.. හොද හුස්මක් අරගෙන ජන්කුක් වැඩ පටන් ගත්තත් දැනට දවල් 2 ත් වෙලා තාම ජන්කුක්ගෙ වැඩනම් ඉවරයක් වෙලා තිබ්බෙ නෑ..

ටොක්....ටොක්....

කමීන්...!

වැඩ වලට හිර වෙලා ඉන්නකොට ජන්කුක්ගෙ කැබින් එකේ දොරට කවුරු හරි තට්ටු කරපු නිසා ජන්කුක් ෆයිල් එක දිහා බලාගෙනම කතා කලා...

සර් මේ මිස්ටර් යුන් වොන්ලගෙ ප්‍රොජෙක්ට් එකේ ෆයිල් එක..

කොටම කොට ගවුමක් ඇදගෙන ජන්කුක් ලගට ආවෙ ජන්කුක්ගෙ සෙකට්‍රි..ගවුමෙ උඩ කොටසෙ බොත්තම් ටිකත් ගලෝගෙන ඕනවට වැඩිය ජන්කුක්ගෙ පැත්තට පාත් වෙලා මෙයා කරන්න යන්නෙනම් එච්චර හොද වැඩක් නෙවෙයි...

මේක දැන්ම ඕනිද මින්හි..!?

මින්හි වැඩට ආපු දවසෙ ඉදන්ම කලේ ඔය වගේ තමන්ව අවුස්සන්න හදන වැඩ නිසා ජන්කුක් වැඩිය මින්හිව ගනන් ගත්තෙ නෑ.. අනික ජන්කුක් කම්පැනි එකේ හැම කෙනෙක් එක්කම වගේ කතා කලේ ගැඹුරු කටහඩකින්... ඒක ටේහියුන්ට කතා කරන හඩටත් වඩා ගැඹුරුයි.. කම්පැනි එකේ ඉන්න කිසි කෙනෙක්ට ජන්කුක්ගෙ හොද පැත්තක්නම් දකින්න උනේම නෑ..

ඔව් සර්... සර් ඕක බලන්න මම මෙතන ඉන්නම්...

මින්හි තව ටිකක් ජන්කුක් පැත්තට නැවෙන ගමන් කිවුවම ජන්කුක් මින්හි දිහා බලන්නෙවත් නැතුව එයාගෙ වැඩේ කරන්න ගත්තා... හැබැයි ටික වෙලාවයි.. මොකද එක පාරටම වගේ මින්හි හීනියට කෙදිරි ගෑවම ජන්කුක්ට එකපාරටම මින්හි දිහා බැලුන...

මින්හි..! මොකද මේ..!?

ම්ම්හ්...සර්..

ජන්කුක් කේන්තියෙන් කෑගහල ඇහුවත් ඒ වචන ගානකට ගත්තෙ නැති මින්හි ජන්කුක්ගෙ මේසෙ ඉස්සරහ තිබ්බ පුටුවෙන් වාඩි උනේ කකුල් දෙපැත්තට දාන ගමන්..
මින්හිට ඕනි කොහොම හරි ජන්කුක්ව අවුස්සල එයාගෙ පැත්තට නම්ව ගන්න.. ඒ වැඩේ වෙනකල් මින්හි වැඩේ අතාරින්න ලෑස්තියකුත් නෑ..

𝐑𝐎𝐔𝐆𝐇 𝐁𝐎𝐘 𝐀𝐍𝐃 𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐑Where stories live. Discover now