නැතිව ඇති (කෙටි කතාව)
" තාත්තී... I want to get new books, pretty please ..... please "
"දෝණී, තාත්තිට පරක්කු වෙනවා"
" I won't take long, just two, ok, please please "
" ok... ok" තෙවන් පරාජය බාර ගනිමින් වාහනය වට රවුමෙන් වම් පසට හැරවූයේ ප්‍රසිද්ධ පොත් හලකට යන්න.
තම අට හැවිරිදි දියණිය, කියවීම ජීවිතය කරගෙන සිටි නිසාම ඇය පොත් මිළදී ගන්නට ඉල්ලා සිටින ඕනෑම මොහොතක ඔහු දෙවරක් නොසිතාම ඇයට ඒ අවස්තාව ලබා දුන්නා.නිතරම අදාල පොත් හලේ සැරසරන දියණියට ඇයට අවැසි පොත් ගන්නට ඉඩ දී තෙවන් පොත් හලේ තබා තිබූ සෝෆාවකට බර දුන්නා. ජංගම දුරකතනය විවෘත කරගත් ඔහු මිනිත්තු කිහිපයක් සමාජ මාධ්‍ය තුළ සැරිසැරුවා.
" තාත්තී... can I get these... ok.... no wait... I want to switch this" එසේ කියූ දියණිය තමන් රැගෙන ආ පොත් දෙක රැගෙන ආයෙත් ළමා කතන්දර පොත් රාක්කයට දිව ගියා.
ඇයට තවත් නිදහස ලබාදෙන්නට සිතූ නිසාම තෙවන් ජංගම දුරකතනය සාක්කුවේ රුවාගෙන් පොත් අතර අරමුණකින් තොරව සැරිසරන්නට වුණා.
විවිධ වර්ණ, විවිධ නම්වලින් සැරසුණු පොත් දෙස බලාසිටීමත් ඔසුවක් දැයි ඔහු කල්පනා කළා. එහෙත් නිදහසේ පොතක් කියවන්නට තරම් දැන් තමන්ට කාලය නොමැති බව ඔහු මතක් කළා.
එක වරම.... නුපුරුදු නමක් ඇති පොතක සුපුරුදු නමක් ඔහු දුටුවා.
" නැතිව ඇති " - නිරෝධ්‍යා මලලසේකර
" අපව ජීවත් කරවමි කවියක" ලෙස ද එහි සටහන්ව තිබුණා.කොළ හැලෙන සරත් ඍතුවේ සිතුවමක් මැද ඒ වදන් සටහන්ව තිබුණා. ලා කහ, දුඹුරු, රන්වන්, තැඹිලි වර්ණ වලින් හැඩ වූ එහි සඳහන් වූ ඇගේ නම දුටු නිසාම ඔහු ඒ කුඩා කවි පොත අතට ගත්තා.
පිදුම
" නැතිව ඇති
කියලා හිතුවට
හැමදාම තියෙන
ඒ හැඟීම
සඟවා සිටින
හදවතට
ආදරයෙන්...."එය දුටු ඔහුට ඉබේම සුසුමක් පිටවුණා.
" තාත්තී... let's go, let's go... ඔයා පොතක් ගත්තද? " දියණිය ඇසුවේ පුදුමයෙන්.
" ඔව් චූටි දූ, තාත්ති ඉස්සර ගොඩක් පොත් කියෙව්වා , ඒ නිසා තාත්තිත් පොතක් ගත්තා"
ඔහු සරලව විස්තර කර, මුදල් ගෙවා පොත් කිහිපයද රැගෙන නිවස කරා පිටත් වුණා.
.
.
.
.
රාත්‍රී ආහාරයෙන් පසුව දියණියත් බිරිඳත් නින්දට ගිය පසු කාර්යාලයේ කටයුතු සඳහා ඊ මේල් කිහිපයක් යැවීමට ඔහු ලැප්ටොප් එක දිගහැර ගත්තා. එය අවසාන කළ පසු ඔහු අතට ගත්තේ ඒ රතු තැඹිලි කවි පොත...
YOU ARE READING
💙 𝓗𝔂𝓭𝓻𝓪𝓷𝓰𝓮𝓪 💙 සිංහල කෙටි කතා
Short Storyපැටලිලා ගැට වැටුණ සහනයක් නැති හිතට නැගෙන කෙටි අදහස් අකුරු කර සඟවමි හයිඩ්‍රැන්ජියා මල්වල 💙💙