සර්ව (අ)සම්පූර්ණ

20 3 1
                                    

ඇතැම් මිනිස්සු ජීවිත කාලය තුළ තමන් ගේ සිතැඟි පරිදි ජීවත් වී, මිහිරි මතක මවා ජීවන ගමන නිමා කරති.
තවත් පිරිසක් අනුන්ගේ සිතැඟි පරිදි ජීවත් වී මිහිරිත් නැති, අමිහිරිත් නැති ජීවිත කාලයක් ගෙවා දමා ඇරඹුවේවත් නැති ජීවන ගමන නිමා කරති.

මේ, හොඳම දේ හොඳම අයුරින් ලබා දෙන්නේ යැයි තම මිනුම් දණ්ඩෙන් මැන තවකෙකු ගේ ජීවිතයේ සුන්දරම කාලය පැන්සල් ඉරි පමණක් පිරි , කිසිදිනක වර්ණ නොගැන්වූ කටු සටහනක් කරන මිනිසුන් ගැනයි...

🌫️🌫️🌫️🌫️

35th anniversary
Batch 89/90
---------- Faculty
( තිස් පස්වන සංවත්සරය , 89/90 ශිෂ්‍ය කණ්ඩායම, --------- Faculty )

මෙරුන් පැහැ තිරය මත එම අකුරු රිදී පැහැයෙන් දිලෙන්නට වුණා. දිවයින පුරාත් ලෝකය පුරාත් විසිරී සිටි විද්‍යාර්ථයින් හැටකට ආසන්න පිරිසක් වසර ගණනාවකට පසු පැරණි සගයන් හා දිනයක් ගෙවා දමමින් පැරණි මතක අලුත් කරන්නට එක්ව සිටියා.

" යන්තම් මාස ගාණක් ප්ලෑන් කරලා අද කොහොම හරි ආවනෙ." අළු පැහැ හිස කෙස් පිටුපසට කර බැඳ, යන්තමින් දිළිසෙන ඔසරියකින් සැරසී සිටි තමරා ඇගේ මිතුරිය වූ කාන්ති සමග සිනහ මුසුව කියා සිටියා.

" ඔව් අනේ, කලින් ඉඳලා දිනේ තීරණය කරලා තිබුණ නිසා හැමදේම කරදරයක් නැතුව කරලා ආවා." හිස කෙස් කොටට කපා , කළු පැහැ ඩයි ආලේප කර සිටි කාන්ති හැඳ සිටියේ සුදු පැහැ කුර්තාවක් සහ කළු පැහැ සැහැල්ලු දිගු කලිසමක්.

එතැන් පටන් එළඹුණේ ආගිය තොරතුරු කතාබහ කිරීමත් විවිධ අංග පෙළගස්වා තිබූ වැඩසටහනට සවන් දීමත්, ඡායාරූපවලට පෙනී සිටීමත් වුණා. වසර ගණනාවකින් එකිනෙකා හමු වූ , ජීවන ගමනේ බොහෝ සංධිස්ථානයන් පසු කර ආ ඔවුන් කෙටි ආහාර සහ විවිධ බීම වර්ග රස විඳින්නට ද අමතක කළේ නැහැ.

" ඔයා නම් වයසට ගියාට හරි පිළිවෙලට ඉන්නවා කාන්ති. " තමරා සිය මිතුරිය දෙස ප්‍රසංශාව පිරි බැල්මකින් කියා සිටියා.

" තරුණ කාලෙ මට ඕනෙ විදියට කරන්න බැරි වුණ ගොඩක් දේවල් මම කරන්න පටන් ගත්තෙ මට පනස් පහත් පැන්නම." කාන්ති සිනහවෙන්ම පිළිතුරු දුන්නා.

You've reached the end of published parts.

⏰ Last updated: Nov 13 ⏰

Add this story to your Library to get notified about new parts!

💙 𝓗𝔂𝓭𝓻𝓪𝓷𝓰𝓮𝓪 💙 සිංහල කෙටි කතාWhere stories live. Discover now