" විෂබීජයක් ගිහින් ලු"
" එහෙම වෙන්නෙ කොහොමද ? තුවාලත් හොඳයිනේ?"
" මම දන්නෙ නෑ... අර නිල්පාට ඇඳුම ඇඳගෙන, නිල්පාට බෑග් එක එල්ලගෙන් පිස්සුවෙන් එහාට මෙහාට දුවන ලේඩි ඩොක්ටර් ගෙන් අහලා බලන්නකො... කන්න එපා කිව්වා, දෙකට ඔපරේෂන් කාමරේට අරන් හෝදනවා කිව්වෙ"
" මම අහලා බලන්නම් එහෙනම්" ඇය එසේ කියමින් පිටව යද්දි වජිර හැඟීම් රහිත මුහුණින් ඇය දෙස බලා සිටියා. දැන්... මේ මොහොතේ ඇගේ පැමිණීමෙන් ඇති ඵලක් තිබේද? ඔහු කල්පනා කළේම ඒ ගැන...
හරියටම මාස අටකට කලින් , ඒ කියන්නෙ ජනවාරි පළවෙනිදා, ඇයගේ කන්නලව් කනකට නොගෙන මිතුරන් හා නව අවුරුදු උදාව සමරන්න ඔහු එකතු වුණා. මධ්‍යම රාත්‍රියත් පසුවී සිය මෝටර් සයිකලයට නැගි ඔහු යළි අවදි වෙද්දි සිටියේ රෝහලේ හදිස් ප්‍රතිකාර ඒකකයේ. සිදු වූයේ කුමක් ද කියා සිතාගන්න තරම්වත් කල් නොතබාම බීමතින් එළවූ යතුරු පැදිය ඔහුට ඉදිරියෙන් ගමන් කල බස් රථයේ ගැටී තිබුණා.
දකුණු කකුලේ දණහිසට පහලින් තිබූ අස්ථි දෙකම බිඳී , විශාල තුවාලය පසාරු කරගෙන අස්ථි කොටස් ආගන්තුකයන් සේ බාහිරට පැමිණ සිටියා.
වේදනාව ආරම්භ වුණේ එතැන් සිට. තුවාලය දරුණු වුණ නිසාම වරක් දෙවරක් නොවෙයි, සිව් වරක්ම කොන්දට ඖෂධ ලබා දී හිරිවට්ටා තුවාලය පිරිසිදු කිරීමත් , මැහුම් දැමීමත් සිද්ධ වුණා. ඉන්පසුව බරැති ගල් ප්ලාස්ටරයක් තුළ සිරවන කකුල එහා මෙහා කිරීම අපහසු වුණා. යළි දෙපයින් ඇවිදීම සිහිනයක් වුණා.
දින දාහතරක්, ඇසින් නොදුටු , වජිරට නොදත්, ඔහුගේ තුවාලය ආක්‍රමණය කළ ජීවියෙක් විනාශ කරන්නට අතට දැමූ කැනියුලාවෙන් බෙහෙත් එන්නත් කෙරුනා. ඒ අතරෙ සාමාන්‍යය ඇඳක සිටි ඔහුව මේ නොපෙනෙන කෲර ජීවියා නිසාම වාට්ටුවේ අඳුරු කොනක වූ ඇඳකට විස්තාපනය වුණා. Isolation ලෙඩා ( වෙන්කර තබන ලෙඩා) ලෙස ගෞරව නාමයකුත් ඔහුට ලැබුණා. අන්තිමට මතුපිට තුවාල සම්පූර්ණයෙන් සුව වීමෙන් පසුව බිඳුණ අස්ථි සුව කරන්න ලෝහ වලින් හැදුව ප්ලේට් ලෙස හැඳින්වූ යමක් අස්ථිවලට සවි කළ යුතු බව උදේට උදේට ඇවිත් යන, ටිකක් සැරෙන් කතා කරන ලොකු මහත්තයා වජිරට කිව්වා.
YOU ARE READING
💙 𝓗𝔂𝓭𝓻𝓪𝓷𝓰𝓮𝓪 💙 සිංහල කෙටි කතා
Short Storyපැටලිලා ගැට වැටුණ සහනයක් නැති හිතට නැගෙන කෙටි අදහස් අකුරු කර සඟවමි හයිඩ්රැන්ජියා මල්වල 💙💙