Next day morning
At 8.00 a.mජනෙල් තිර රෙදි අතරින් ලාවට ඉර එලිය ඇවිත් ටේහියුන්ගේ මුණට වැටෙනකොට තද නින්දක හිටිය ටේහියුන් හිමින් සැරේ ඇස් ඇරියා .ඇස් ඇරපු ගමන් හැමදාම දකින ටේහියුන් හැමදාම දකින්න කැමති දර්ශනය ඒ ඇස් වලට දකින්න ලැබුනා.වෙන මුකුත් නෙවෙයි ඒ තමයි එයාගේ ලෝකේ.එයාගේ ජංකුකි .චබි කම්මුල් දෙක ටේහියුන්ගෙ පපුවට තද වෙලා චුටි තොල් දෙක චුට්ටක් විතර ඇරිලා .හොදම දේ තමයි කටේ එක පැත්තකින් කෙලත් බේරෙනවා.හරිම cute .
"බේබි නැගිටින්නකෝ පරක්කු වෙනවා ලමයෝ යන්න එපැයි අපි කෝ නැගිටින්න මැණික ."
ඊයේ දවසත් වෙනදා වගේම ගෙවා ගත්ත ජංකුකි අද ටිකක් විතර වැඩිපුර නිදා ගත්තා.හැමදාම වගේ ටේහියුන්ගෙ උණුහුමට ගුලි වෙලා නිදා ගන්න ජංකුකිට දැන් වෙනකොට ඒ උණුහුම මහමෙරක් වගේ වටිනවා.
එච්චර හොදට නිදාගෙන ඉන්නකොට කවුරුහරි ඇහැරනවා නේද එතකොට ඉතින් කවුද ඇහැරවන්නේ කියලා අදාළ නෑ ඇහැරවන මිනිහව මරන්න තරම් කේන්තියක් එන්නේ. ජංකුකිත් නින්දෙන්ම කේන්තිය නවත්තගන්න හෙන ගේමක් ගැහුවා කොහේද ඉතින් ටේටේ වද දෙන එක නවත්තන්නේ නෑ නේ.
🐯- කෝ නැගිටින්නකෝ හැබැයි බේබි ඇහැරැනේ නැත්නම් මෙහෙන්මම උස්සන් ගිහින් bathtub එකට අතඅරිනවා .එතකොට ඉතින් උදෙන්ම නාගෙනම යන්න පුළුවන්
🐰-කොහේ යන්නද අනේ ඔයා මේ අඩගහන්නේ?
🐯- වෙන කොහේද අනේ hospital යන්න තමා.
🐰-මොකක් hospital ඒ මොකටද?
hospital කියන වචනේ ඇහුනා විතරයි ඩුවට් එක ඇතුලේ ගුලි වෙලා ආයෙමත් නිදා ගන්න සැරසුණු ජංකුකි කලබලෙන් ඇද උඩ ඉදගත්තා.
🐯-මොකටද කියලා අහන්නේ අද නේ දවස මගේ ලොකු බේබියි පොඩි බේබියි සනිපෙන් ඉන්නවද කියලා බලන.ඊටත් මං ඊයේ office එකේදිම call කරලා jin හියුන්ග් ගෙන් appointment එකක් ගත්තා ඔය දෙන්නව පෙන්නන්න.
ඔව් අද තමයි ජංකුකිගේ clinic දවස .ජංකුකිට නම් අද දවස මතකවත් නෑ ඒත් ටේහියුන් නම් ජංකුකිගේ වැඩ වලදි ගොඩක් අවදානෙන් වැඩ කරන්නේ.කොච්චර office එකේ වැඩ තිබ්බත් එයාගේ පැටව් දෙන්නව hospital ගෙනියන රාජකාරිය ඊයේම plan කරන් හිටියේ .
YOU ARE READING
From here to eternity
Short Storyආදරය කියන ඒ ලස්සන හැගීම එක ආත්මභාවයකට විතරක් වෙන් වෙලා තියෙන හැගීමක්ද ? කවදාවත්ම නැහැ අවංකවම ආදරේ කරන දෙදෙනෙක්ව එක ආත්මභාවයකට විතරක් සිිමා කරන්න මේ ලෝකෙ කාටවත්ම බෑ. 💕 *මේ කතාවත් අන්න ඒ වගේ . එක ආත්මභාවයකට විතරක් සිිමා කරන්න බැරි අවංක හදවත් දෙකකින්...