After 4 months
'අහස' පුදුමාකාර මැවීමක්.ඒ් අතරින් රාත්‍රි අහස බොහෝදෙනාගේ හදවත් සොරා ගන්නවා .ඇවිලෙන හදවත් නිවාලන්නට රාත්‍රි දර්ශනයකට පුළුවන් .මොනතරම් ප්‍රශ්න හිත අස්සේ කැකෑරමින් තිබුණත් පිරිපුන් සදටත් සදේ පාලු මකන දිප්තිමත් තාරකාවලටත් පුළුවන් තප්පරයක් වැනි පුංචි කාලයකදී මනුස්සයෙක්ගේ හිතේ තියෙන සියලු ප්‍රශ්න අමතක කරන්න.ඒ තමයි ඇස් බැන්දුමක් නොවන මායාව .
ජංකුකිත් මේ මායාවට දැනටමත් අවනත වෙලා ඉවරයි .හිතේ දැනටමත් වදදෙන ප්‍රශ්න අමතක කරමින් තමන්ගෙ කාමරේ බැල්කනි එකට වෙලා දිප්තිමත් තරැවලින් වගේම දිප්තිමත් හදෙන් ද අලංකාරමත් වෙලා තියෙන අහස දිහා බලන් බර කල්පනාවක ඉන්නකොට තමන්ටත් නොදැනිම තමන්ගේ දිහා බලන් ඉන්නේ කවුරුන්ද කියාවත් වගක් ජංකුක්ට නොමැති වුණා .
🐯-ඔච්චර මොනාද අහස දිහා බලන් කල්පනා කරන්නේ ?
වෙන කවුරුවත් නෙවෙයි තමන් දිහා තමන්ටත් නොදැනිම බලන් හිටිය අමුත්තා .ඒ එයාගේම ආදරණීය සැමියා ටේහියුන් .
මාස අටක් වයසැති දරැ ගැබත් දරාගෙන අහස දිහා බලන් බර කල්පනාවක ඉන්න එයාගේ angle ටේහියුන්ට අපුරු දසුනක් වුණා .සුලු වේලාවක් ඒ දෙස බලා සිටි ටේහියුන් ජංකුක් ලගට විත් ඔහුගේ හිත අස්සේ පැන නැගුණු ගැටලුව ජංකුක්ගෙන් අසා ආපිට ජංකුක්ව ඔහුගේ අත් අතර සිර කරගත්තා.
🐰- හියුන්ගි ඇවිත් ගොඩක් වෙලාද?
🐯-හ්ම් ඔව් ටිකක් වෙලා කොහෙද ඉතින් මගේ හා පැටියා ලොකු කල්පනාවක නේ හිටියේ
🐰- sorry හියුන්ගි .ඒක නෙවෙයි හියුන්ගිට මේ අහස දැක්කම මොනාද හිතෙන්නේ ?
YOU ARE READING
From here to eternity
Short Storyආදරය කියන ඒ ලස්සන හැගීම එක ආත්මභාවයකට විතරක් වෙන් වෙලා තියෙන හැගීමක්ද ? කවදාවත්ම නැහැ අවංකවම ආදරේ කරන දෙදෙනෙක්ව එක ආත්මභාවයකට විතරක් සිිමා කරන්න මේ ලෝකෙ කාටවත්ම බෑ. 💕 *මේ කතාවත් අන්න ඒ වගේ . එක ආත්මභාවයකට විතරක් සිිමා කරන්න බැරි අවංක හදවත් දෙකකින්...