Sahan pov
" සුදූ නැගිටින්න දැන් හොදටම හවස් වෙලා "
හෑන්ඩ් ෆ්‍රී එකත් කනේ ගහන් නින්ද ගිහින් හිටපු මම නැගිටින කොට හවස හය හමාරත් පහු වෙලා. අම්මි මාව නැගිට්ටවලා දුන්න කිරි එකත් ගුඩු ගුඩු ගාලා බිව්ව මම එහෙම්ම බාත් රූම් එකට ගිහින් මුණත් හොදන් පහලට ගියේ පහන තියලා පාඩම් කරන්න කියලා හිතලා.
" අම්මි මම පහන තියන්න මල් කඩාගෙන එන්නම්."
" පරිස්සෙමෙන් සුදු කරුවලේ සර්පයෝ ඉදියි. එළියේ ලයිට් එක දාගෙන යන්න"
" හරි අම්මි "
අම්මි කිචන් එකේ ඉදන් පරිස්සමින් යන්න කියද්දී මාත් හරි කියාගෙන එලියට ගියේ මල් වට්ටියත් අරන්.
මන් මල් වට්ටිය පිරෙන්න සුදු මල් වර්ගයකුයි රෝස මලකුයි කඩාගෙන ඇතුලට යන්න හදද්දී මන් දැක්කේ මන් දිහා කන්න වගේ සදලුතලේ ඉදන් බලන් ඉන්න ගොන් ගොබිලියා..... ew......ew මැටි හරකා 😒
හවස වෙච්ච සිදු වීම් ආයෙමත් චිත්‍රපටියක් වගේ මතක් වෙච්ච මම ඉක්මනටම ගෙදර ඇතුලට ගියේ දැනුන පට්ටම ලැජ්ජාවට. ඉදලා ඉදලා මටත් වෙන ඒවා අනේ. මේවා දෙයියෝම බලාගන්න ඕනි.😪👍
තරමක් උසින් හදලා තිබුන බුදු පිළිමේ හරිය අස් කරපු මම මල්, පැන් තියලා හදුන් කූරුයි පහනයි පත්තු කරා. මන් බුදු සාදුගෙන් හැමදාම ඉල්ලන එකම ඉල්ලීම මන් පන වගේ ආදරය කරන මගේ අම්මිගේ සතුට හැමදාම තියෙන්න ඕනි කියන එක. මන් තදින් ඇස් වහන් මට මේ ලැබිල තියෙන හැමදේකටම බුදු සාදුට ස්තුති කරලා ආයේ කාමරේට ආවේ පාඩම් කරන්න හිතාගෙන.
accounting past papers පොතක් පෙරල ගත්ත මන් හැම පේපර් එකකම MCQ ටික කරන්න පටන් ගත්තා. ඇත්තටම බුදුන් වැදලා පොතක වැඩක් කරද්දී මට දැනෙන්නේ මාරම සැහැල්ලුවක්.💖
.
.
.
.
.
.
.
.
දැන් වෙලාව රෑ දහය හාමාරයි. එක දිගට ලියපු නිසාද කොහේදෝ මගේ ඇගිලිත් හිරිවැටිලා. හුම් දැන්නම් මහන්සිත් වගේ. එත් හෙට bussiness පීරියඩ් එකේ වැඩකුත් තියේ. හයියෝ එක නම් අනිවාරෙන් කරන්න ඕනි. නැත්තම් එළියේ තමා. 😪 එක කරන්න පොත ගන්න හදන කොටම අම්මි කාමරේට ආවා.
YOU ARE READING
නපුරු ඇස් 👀❤️
Romance'ඕයි තමුසෙගේ ඔය කකුල් දෙක පල්ලෙහා දානවා 😑😒 ' ඔව් ඔයාලා බලනවා ඇති ඒ කව්ද බුරුවෙvක් වගේ කෑගැහුවේ කියලා...... ඒ තමයි මගේ අයියා ඇත්තටම කිව්වොත් එකා මගේම අයියා නෙවේ මගේ අම්මාගේ අලුත් කසාදේ මිනිහාගේ පුතණ්ඩියා..... මගේ අලුත් taekook story එක nonfic