7

1.1K 148 10
                                    

පුංචි අපේ බලු පැටියා හිටපු හැටියේ පන යනවා........ 🎵🎶🔔

ආයෙත්  පන මතු වෙනවා වුෆි පුංචි මගේ පැටියා..........🎵🎶🔔

සුපුරුදු විදියටම මම මගේ ෆෝන් එකේ එලාම් එක පටස් ගාලා ඔෆ් කරලා ආයේ  කොට්ටෙන් ඔලුව වහන් නිදාගත්තා. හම්මෝ   ළමයිනේ ඔයාලට කියන්න මට ඊයේ capa නින්දක් නේ ගියේ. අයියත් එක්ක පාටියට ගිහින් ආවාට පස්සේ නින්දක් දැම්මා සුපිරියටම. හැබැයි මෙහෙමයි වැඩේ කියන්නේ කවදාවත් නැතුව මට ඊයේ පට්ට බයානක  හීනයක් පෙනුනා. මන් තාත්තිට සීනි තාත්තා කියනවා. එව්වා හීන හින්දම හොදයි. නැත්තම් මන් මෙලහටත් ගෙදරින් දොට්ට තමා. ඉව්.....ඉව්...... මෝඩ හීන.

අද නම් මගේ කිරි එක බෙහෙවින් පරක්කුයි. මන් ඉක්මනට කිචන් එකට යන්න ඕනි  අම්මිට කියලා කුක්කු පිටි  එක හදාගන්න. මොනා නැත්තත් කුක්කු පිටි එක නැත්තම් පික්කු වගේ. 

" අම්මියෝ කොයි ඔයා" මන් පඩිපෙළ බැහැන් ගේ දෙවනත් වෙන්න කෑගහන ගමන් පහලට ආවා. ඇත්තටම අපේ අම්මිගේ කන් ඇහෙන්නේ නැද්ද මන්දා මෙච්චර සද්දෙන් කතා කරලත්. මන් එබිලා බැලුවේ කෑම කාමරේ වත් ඉන්නවද බලන්න.

අහ්හ්හ් අම්මට එයාගේ සුදු පුතාව අමතක වෙලා අනිත් අයත් එක්ක තනියෙන් බුදිනවා. අනේ මෙහෙමත් අම්මලා. මන් කියන්නේ ළමයිනේ වෙන කතා වල නම් තමන්ගේ ළමයට හොදට සලකලා අනිත් ලමයටනේ කෙනෙහිලි කම් කොරනේ. අනේ දෙයියනේ ඇයි මටම මෙහෙම. අහිංසක නිසානේ මේ ඔක්කොම. 

මන් හෙමිහිට ඇවිදන් ටේබල් එක ගාවට ඇවිදන් ගියා. මන් දැක්කා විතරයි ගෙදර අය මන් දිහා බැලුවේ කන්න වගේ. අම්මි නම් දෙන්නම් උබට වගේ ලුක් එකකින්  මගේ දිහා බැලුවා. තාත්ති මාව දැකලා කටේ තිබ්බ කෑම ටිකත් හිරකරගත්තා. එතකොට අර පොලොස් කොට්ටෝරුවා මට කින්ඩියට හිනාවක් දැම්මා. මේ ගෙදර උන්ට මක්කා වෙලාද. පිස්සෝ වගේනේ ඔක්ක්කොම. මන් විතරයි හොදට ඉන්නේ. ඔක්කොටම පිස්සු කියලා ඔප්පු කරලා අංගොඩ යැව්වොත් මේ දේපල ඔක්කොම මගේ නේත. එහෙම වෙයි නේත කෙල්ලනේ........

" අහ්හ්.....සුදු  හොදවයින් ඊයේ නින්ද යන්න ඇති නේ " අම්මි කිව්වේ මට රවන ගමන්. එන පොට නම් හොද නැහැ මන්දාකිණි. මොකත මොකත මේ මෙයාට වෙලා තියෙන්නේ දෙයියම්නේ. මන් හිතුවේ කෙල ගුලියකුත් ගිලින ගමන්.

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now