මන් යාන්තම් ඇහැරුනේ දරාගන්න බැරි ඔලුවේ කැක්කුමක් එක්ක.හරියට නිකන් ඔළුවට බ්ලොක් ගලක් අත ඇරලා වගේ. ඇස් අරින්න බැරි තරමට ඇස් පිහාටු මට බරයි . අමාරුවෙන් ඇස් ඇරපු මන් දැක්කේ ඇදේ තනියෙන් මන් නිදාගෙන ඉන්නවා.එයා මාව දාලා ගිහින්. මට මෙච්චර අමාරු වෙලා තියෙද්දී එයා ගිහින්. කෙනෙක් හිතන්න පුළුවන් ඒක දුක් වෙන්න එච්චර දෙයක් නෙවේනේ කියලා. අනේ මන්දා මන් ගොඩක් බොලද වෙලා. මට සහෝදර සහෝදරියන්ගේ ආදරේ ලැබිලා නැති නිසාද මන්දා අයියගෙන් ලැබුණු ඒ ආදරේට මන් ගොඩාරියක් ලෝබයි. එයා නැහැ කියලා දැක්කම මගේ ලෙඩ ඔක්කොම ඩබල් උනා වගේ මට දැනුනේ . එබේටම කදුළු පොදි කම්මුල් දිගේ බේරෙද්දී මට ඉකිත් ගැහුනා.
"ඉහි ඉහි ඉහි ඉහි " හෝ ගාලා මගේ කම්මුල් දිගේ කදුළු ගලද්දී ඔලුවේ කැක්කුම ඩබල් උනත් බොරුවටත් එක්ක මන් ඇඩුවා. ඇයි අප්පා එයාට මන් ගාව ඉන්න බැරිද මේ වෙලේවත්. හුම්.
මන් විනාඩි පහක් විතර අඩන්න ඇති එතකොට තමා මෙයා දුවන් ආවේ. හුම් මන් තරහයි මෙයා එක්ක අඩන කොට විතරයි දුවන් එන්නේ කලින් මතකේ වත් තිබ්බේ නැහැ මන් කියලා ජීවියෙක් ඉන්නවද කියලවත්. කලබලෙන් වගේ කාමරේට ආව එයා කිරි දාපු මග් දෙක මගේ මේසේ උඩින් තියලා ඉක්මනට මන් හිටපු ඇද ගාවට ආවා.
" මොකද සුදූ මේ. ඇයි රිදෙනවද ?.....කෝ ඉතින් ශ් අඩන්න එපා.දැන් හරියයි" මෙයා නම් කියයි මටනේ රිදෙන්නේ අප්පා.හුම්. මගේ ඔලුව රිදෙන්නේ නැති වෙන්න එයා එයාගේ පපුවට තුරුල් කරගත්තම මමත් නහය උඩට ඇද ඇද එයා පපුවට තුරුල් උනා. එයාගේ සර්ට් එකෙම්ම හොටුත් පිහිදුව මන් හිමින් හිමින් ඉකි ගැහුවා.
" රිදෙනවද ම්ම්ම්ම් "
" හුම්......ගොඩක් " මන් කිව්වේ එයාගේ සර්ට් එකේ කොනක් එක්ක සෙල්ලම් කරන ගමන්.
" ඉතින් මන් කිව්වද තමුසෙට පොල් බිදින්න කියලා " මේ නපුරට අදවත් හොදට කතා කරන්න බැහැ නේ. මෝඩ ගහ.
" හිතලා කරගත්තේ නැහැනේ. ඉහි ඉහි "මන් කිව්වේ ආයෙත් මගේ ටැප් එක අරින ගමන්.
" සුදූ මගේ කේන්ති අව්ස්සන්න එපා අඩලා. නවත්තනවා අඩන එක." එයා මටත් සැර කරලා මේසේ ලගට ගිහින් කුක්කු මග් එක මගේ අතට ගෙනල්ලා දුන්නාම මමත් ඉතින් එයාට රවන ගමන් නහයත් උඩට ඇද ඇද කිරි එක බිව්වා. මේ අහින්සකයට තමා ඔක්කොමලාගේ අරියාදු.හුම්
YOU ARE READING
නපුරු ඇස් 👀❤️
Romance'ඕයි තමුසෙගේ ඔය කකුල් දෙක පල්ලෙහා දානවා 😑😒 ' ඔව් ඔයාලා බලනවා ඇති ඒ කව්ද බුරුවෙvක් වගේ කෑගැහුවේ කියලා...... ඒ තමයි මගේ අයියා ඇත්තටම කිව්වොත් එකා මගේම අයියා නෙවේ මගේ අම්මාගේ අලුත් කසාදේ මිනිහාගේ පුතණ්ඩියා..... මගේ අලුත් taekook story එක nonfic