බෑම කිව්ව මිගාරයවත් යාන්තම් ලන්ච් එකට යන්න කැමති කරගත්ත මන් ඌවත් ඇදන් බ්ලූ මූන් රෙස්ටුරන්ට් එකට ගියේ මිගාරයා ඉන්න නිසාද මන්දා මූනත් දෙල් කරන් ඉස්සරහින් යන සනහසා දිහා බලන්. හොදෑඩේ.
" මොකෝ තමුසේ මූඩ් ගහලා " මන් කතාවක් වත් නැතුව යන නිසාද මන්ද මිගාර ඇහුවේ මගේ පැත්තට හැරෙන ගමන්.
" මගේ හිතට හරි නෑ "දැන් නම් මට අම්මාගේ කීමට බම්බු ගහන්න කියලා මෙතනින් යන්න හිතෙනවා. එයාටත් ඕනී මාව එයාගේ යාලුවෝ එක්ක ෆිට් කරන්න. මට නම් දැනටනත් මේක එපා වෙලා තියෙන්නේ.
" මට කියන්න එපා උබ අයියට බොරුවක් කියලා මේ ගමන ආව කියලා නම් " මිගාරයා මූනත් පුලුටු කරන් කියද්දී මන් බිම බලගත්තා.
" ඔය කොරලා තියෙන්නේ. අයියා දැනටමත් දන්නවා උබ ආවේ සනහසා එක්ක කියලා" මගේ ඇස් උඩ ගියා. අද නම් මන් ඉවරයි කියලා විතරයි මට තේරුනේ. අනිවාරෙන් මන් ඊයේ පැටලි පැටලි කියද්දී එයාට තේරෙන්න ඇති. අම්මියේ චූටී පුතාගේ අහවල් එකේ අමාරුව දැන් හොද වෙන්නයි යන්නේ.
"එ......ඒ කොහොමද "
" මන් කිව්වා " මේකා ෆොන් එකත් ඔබ ඔබ ගානක් නැතුව කියද්දී මගේ ඇස් උඩ ගියා. මූ නම් අමුම අමු ගස් බල්ලෙක් යකෝ ඔහොම පාවා දෙනවද තමුන් ගේ හොදම යාලුවාව. මූන්ට දෙන්න ඕනේ. තුරු සුනකයා.
" ආව්....ආව් බල්ලො ගහන්න එපා..රිදෙනවා" මෙච්චර වෙලා මගේ අතේ දිලිසි දිලිසි තිබ්බ කුඩේ අතට ගත්ත මන් ඌගේ පිට ලෙප්ට් වෙලා යන්න අත දිග ඇරලා මේ පාර කියලවත් නොබලා දීගෙන දීගෙන ගියා. හිටපන්කෝ මටත් එයිනේ වාරයක්. මන් කනවා තොපේ ලව් එක සුන්නද්දූලී වෙලා යන්න. පොඩි පරයා.
" තොට ඔහොම නෙවේ දෙන්න ඕනේ." මන් කියද්දී ඌ කොන්දත් අල්ලන් මට රැව්වා.
"ඉතින් මන් දන්නවද උබ බොරු කිව්වා කියලා. එක්කෝ තෝ ඒක කලින් මට කියන්නයි." මටත් බැන බැන මාවත් පාස් කරන් යන මිගාර දිහා බලන් මම කට ඇද කරගත්තා. මීහරක් පැටියා.
ලන්ච් එකට කොන්සට් එකට ඉන්න සෙට් එකෙන් දහයක් විතර ඇවිත් තිබුනා. එතනින් මියුසික් වැඩ වලට නැති එකම එකා උනේ මිගාර. මොකද ඌව මන් නේ උස්සන් ආවේ තනියට.
YOU ARE READING
නපුරු ඇස් 👀❤️
Romance'ඕයි තමුසෙගේ ඔය කකුල් දෙක පල්ලෙහා දානවා 😑😒 ' ඔව් ඔයාලා බලනවා ඇති ඒ කව්ද බුරුවෙvක් වගේ කෑගැහුවේ කියලා...... ඒ තමයි මගේ අයියා ඇත්තටම කිව්වොත් එකා මගේම අයියා නෙවේ මගේ අම්මාගේ අලුත් කසාදේ මිනිහාගේ පුතණ්ඩියා..... මගේ අලුත් taekook story එක nonfic