" එහෙ සීතලයි රෑට ජර්සි එකක් ගත්තද ? "
" ඕ "
" සිද්දාලේප, ඉන්හේලර් , කැප් එකක් ?"
" ඔව් ඔව් අනේ ඔක්කොම හරි "
" ගිහින් ඊට පස්සේ කියනවකො අරක නෑ මේක නෑ කියලා " අපි හිටියේ ට්‍රිප් එක යන්න බෑග් වලට බඩු දාන ගමන්.මගෙයි දෙනුවනයගෙයි කන් දොස් කිරියාව අහන් ඉන්න බැරුවද මන්දා එයාලා අන්තිමට අපිවත් එක්කන් යන්න කැමති උනා. ඒත් ඉතින් අපට ඒකට උදේ නැගිටලා පාඩම් කරන්නත් උනා. මෙයා තමා මතිෂ් අයියටත් ගොන් අයිඩියා දීලා ෆෝම් කරන්නේ මෝඩයා.
ඔය මොකුත් වැඩ කරන්නේ නැතුවම මිගාරයත් අපේ ට්‍රිප් එකට සෙට් උනා. ඌ එක්කන් ගියේ නැත්තම් රසලයා මැරෙන්න හදයි. පරම පිවිතුරු කරස් එකනේ එයාගේ. මේකෙදි වත් උන් දෙන්නා සෙට් උනොත් හොදා මන් කියන්නේ.
" ඒයි මේ ඔයා කෑම්ප් ගහන එක ගැන හොයලා බැලුවද ?" මන් ඇහුවේ එයා දුන්නඇදුම් ටික නවලා මගේ බෑග් එකටම දාන ගමන්.
" ම්ම්....රසල් ඒවා කරා කිව්වා " එයා කිව්වේ ඇදුම් නව නව ඉන්න මන් දිහා බලන ගමන්. එයාගෙයි මගෙයි ඔක්කොම ඇදුම් ටික මගේ බෑග් එකටම දාගත්ත මන් ගෙනියන බඩු ලියාගෙන තිබ්බ ලිස්ට් එකට ටික් දැම්මා. ඔක්කොම බඩු ටික නම් හරි ආයේ තියෙන්නේ ඉතින් ටූත් බ්‍රෂ් එක දාගන්න තමයි.
බෑග් එක ඇද ගාව බිමින් තියපු මන් එයාට තුරුල් උනේ උදේ ඉදම්ම ස්කුල්, ක්ලාස් ගිහින් එයාව ටිකක් විතර මග ඇරුන නිසා. මන් ඉතින් එයාව කෝල බෙයා කෙනෙක් වගේ බදාගද්දී එයාත් මාව තුරුල් කරගෙන කම්මුල් දෙකේ හාදු තිබ්බා. ම්ම් මෙයාගේ කෝලම් අප්පා.
එයාගෙන් පපුවෙන් ආපු ෆොග් පර්ෆියුම් එකේ සුවද විද විද එයාගේ පපුව උඩින් ඔලුව තියාගත්ත මන් ඒ පපුව උඩ ඇගිල්ලෙන් රටා ඇද ඇද හිටියේ කම්මැලි කමේ.
" ඒයි මේ එහෙ ලස්සනද "
" ම්ම් "
" කලින් ගිහින් තියෙද "" ම්ම් "
" ලගදි "
" ම්ම් "
" මොකක්ද අනේ ම්ම් ම්ම් ගාන්නේ " ඇයි අප්පා හැම එකටම ම්ම් ගගා ඉන්නවා. දෙන්න හිතෙනවා මට හොම්බ කට සමතලා වෙන්න මිනිහා කියලා බලන්නේ නැතුව.
YOU ARE READING
නපුරු ඇස් 👀❤️
Romance'ඕයි තමුසෙගේ ඔය කකුල් දෙක පල්ලෙහා දානවා 😑😒 ' ඔව් ඔයාලා බලනවා ඇති ඒ කව්ද බුරුවෙvක් වගේ කෑගැහුවේ කියලා...... ඒ තමයි මගේ අයියා ඇත්තටම කිව්වොත් එකා මගේම අයියා නෙවේ මගේ අම්මාගේ අලුත් කසාදේ මිනිහාගේ පුතණ්ඩියා..... මගේ අලුත් taekook story එක nonfic