"ඕවගෙන් පැන පැන ඇවිල්ලා හොම්බ කඩාගනිංකො ඈ"
"අනේ මේ පඩිපෙලකින් පැනලා හොම්බ කැඩෙන්නෑ එච්චරා.......යි"
අපි දෙන්නා හිටියේ කාලා ඉවරවෙලා පඩිපෙලෙන් බැහැලා තව ඉස්සරහට යන ගමන්.මට ඉතිං කවදාවත් පඩිපෙලවල් වලින් පිලිවලට බැහැලා පුරුදු නෑ.ඉතිම් මම පුරුදු විදියට පැන පැන යන්න ගිහිම් තමා හොම්බ කඩාගන්න එපා කියලා බැනුම් අහන්නෙ මේ.
"මේ තනකොල තියන හරියෙන් වාඩිවෙමුද,ඉස්සරහා වඩේ කඩ අරවා මෙව්වා තියන නිසා කලබලයි වගේ"
"ඕකේ......යි බොස්"
මම එහෙම කියාගන ගිහිං හොඳ තැනක් බලලා කකුල් දෙක දිගඇරලා දඩබඩස් ගාලා වාඩිඋනා.එරොන් අයියා නම් තව වටපිට බල බල හෙමින් එනවා.ඊටපස්සෙ එයා ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි උනා.
එතකොට තමා මම නිකමට අපි දෙන්නගෙ ඇදුම් දිහා බැලුනේ.එයා තනි කලු.මම රෝස.සම්පූර්නෙන්ම වෙනස් පාටවල් දෙකක්.අපි කැමති අකමැති දේවල් සම්පූර්නෙන් වෙනස් උනාට,මොකක්ද කියාගන්න බැරි ගැලපීමක් අපි දෙන්නා අතරේ තිබ්බා.ඒක මට කියන්න තේරෙන්නෙත් නෑ.
"මොකද ඕයි ඔය ගෙම්බා පොලවෙ ගහලා වගෙ ඉන්න හැටි."
පුම්චි මනෝපාරක් ගහගන ජීවිතේ විඳින්න හැදුවා විතරයි මෙන්න මෙයා කෑ ගහනවා ගෙම්බෙක් පොලවේ ගහලා වගේ කියලා.
"ජීවිතේ විදිනවා අනෙව් චුට්ටක් ඉන්නකෝ"
"හා හා එහෙනම් විදපන්කො"
"ඔයා හැමදාම වගේ ගෝල්ෆේස් එනවද අයියේ"
"ම්ම්ම්ම්"
"වීක් ඩේස් වලට වැඩිය කව්රුත් නෑ වගේ නේද මෙතන."
"හ්ම්ම්ම්ම් ඒකනෙ එහෙම දවස් බලලා එන්නේ"
"වැඩිය මිනිස්සු ඉන්න තැන්වලට කැමති නෑද ඔයා"
"ම්ම්ම්ම්..ලොකු crowd එකක් ඉන්න තැන් වලට ඒම මන් ආසම නෑ,එතකොට මට හරි uncomfortable feeling එකක් එනවා."
"එතකොට මම මෙතන ඉදන් කියවන එක එපා වෙන්නෙ නැද්ද"
"එපා වෙනවා"
යකෝ මූ නිකමට හරි කියහංකො නෑ එහෙම නෑ තමුසෙගෙ මිහිරි නාදයට මම කැමතියි කියලාවත්.නෑ එහෙම කියන්නෙ නෑ එයා ලොකු සීන්නෙ.ඇයි යකෝ මේක නම් යුද්ද ප්‍රකාශ කරන්නම වටින කතාවක්.වටින කතාවක් කිව්ව වටින කතාවක් නෙවෙ යකා නගින විදියට වටින කතාවක් ඇයි යකෝ.පිච්ච මලක් වගෙ ඉන්න මාවනෙ මේ එපා වෙනවා කියන්නෙ ඇයි යකෝ.
YOU ARE READING
🖤𝗠𝘆 𝗣𝗲𝗼𝗻𝘆🖤
Nonfiksiඉස්සර කලුපාට කියන්නෙ රෑ උන වෙලාවට හැමතැනම තියන දුශ්ට පාටක් කියලා හිතන් හිටිය මට, එයා කියලා දුන්නා කලුපාට කියන්නෙ මේ ලෝකෙ තියන හැම ලස්සන පාටක්ම හංගගන ඉන්න තනිපාටක් කියලා.කලුපාටත් හරියට එයා වගේ.ලස්සන හැමදෙම ලග තියාගන හරි නපුරුයි වගේ ලෝකෙට පේන්නගන ඉන්න...