The black cat
නොනවත්වාම නාද වෙන දුරකථනය දෙස මා බැලුවේ ඉමහත් කෝපයෙනි. තදින් කකියනා හිස එක අතකින් බදාගත් මම අසල තිබූ මල් පෝච්චියක් කුඩු වී විසිවෙන්නට පහරක් ගැසුවෙමි.
දුරකථනයේ තිරය දෙස වත් නොබැලූ මා ඇමතුම විසන්ධිකර ආපසු හැරුනේ කාර්යාලයෙන් පැවරූ ව්‍යාපෘතිය හෙට හිරු නැගෙන්නට පෙර කෙසේ හෝ අවසන් කරනවායැයි සිතාගෙනය එසේ නැතහොත් මා මෙතෙක් කල් යැපුන රැකියාව මට අහිමිවනු ඇත.
එක්වරම ජනේලයෙන් හමා ආ සීත සුළඟකින් මගේ ගත වෙව්ලා ගියේය. මෙතරම් උණුසුම් කාලගුණයක් තිබියදීත් අයිස් මෙන් සීතල සුළං හැමීම පිළිබඳ පුදුම වෙමින් මා හැරුනේ ජනේලය වසා දැමීමටය. ජනෙල් පඩිය මත හිඳගෙන අත පය ලෙවකමින් සිටියේ කළු බලල් තඩියෙකි. .
බළලුන් යනු මා මෙලව අප්‍රිය කරනා සත්තව කොට්ඨාසයකි. මට; උන්ගේ ලෝම; පුරු පුරු ශබ්දය ; නයාට අදු කොළ මෙන් පිලිකුල්ය. .
ව්‍යාපෘතිය හේතුවෙන් අධික පීඩනයකට ලක්ව සිටි මට මගේ කෝපය පාලනය කරගැනීමට නොහැකි වූ අතර අසල තිබූ යකඩ පුටුව මා ඔසවාගත්තේ බළලාට පහරදීමටය.
අත පය ලෙව කෑම නතරකල බළලා ඌගේ කහ පැහැති දිලිසෙන වටකුරු දෑසින් මා දෙස බැලූ අමුතුම බැල්මේ ලියවී තිබුනේ " පුළුවන් නං ගහපං" වැනි අභියෝගයකි. ඒ ක්ෂනයෙන් මම අත තිබූ යකඩ පුටුවෙන් බළලාගේ හිස මතට පහරක් එල්ලකලෙමි.
පහරින් ඌගේ හිස පැලුනු අතර වම් ඇස එලියට පැන්නේය. ඌගේ පණ කෙතරම් ශක්තිමත්දැයි කියනවානම් මස් කැදලි පිටතට පැන්න හිස එල්ලාගෙන මේස පුටු වල හැපෙමින් මුළු කාමරය පුරා දිවවේය.
ඌගේ පෙනුම කෙතරම් භයංකර වුවත් පිළිකුල් වුවත් මම නැවතත් යකඩ පුටුව මාන්නා ගත්තේ අවසිහියෙන් පණ එකතුකරනා බළලා මගේ ඇගට පැන මා සපා කාවි යන බියෙන් ගැහෙමිනි.
දෙතුන් වරක් මර වේදනාවෙන් විලාප නැගූ බළලා ඉතිරිව තිබූ එක් ඇසින් මා දෙස බැලුවේ මේ ගෙවෙන්නනේ උගේ අන්තිම තත්පර කිහිපය බව හැඟවීමටය.
ලේ ගුලි ගුලි නොනවත්වා ගලනා චප්ප වූ හිස කෙලින් තබා ගැනීමට නොහැකිව කඩාවැටුනි. මට දැනුනේ මහ මූසල හැඟීමකි.
YOU ARE READING
⫷ PRINCE OF FELINE 𖡹 || MYG FICTION (Completed)
Fanfictionඋබලා එකෙක්ටවත් තේරෙන්නැද්ද ඒ කෙල්ලගෙ ජීවිතේ අනතුරේ කියලා..... ඒකා එන්නෙ උගෙ ලේ හොයාගෙන!! බිළාල රාක්ශයෝ විශ්වාස කරනවාද ? වද වෙලා ගියාට බිළාල රාක්ශ කුලයේ තවත් පුරුක් තවමත් ජීවත් වෙනවා........ =එන්න මගේ බිළාල රාක්ශ Fantasy ලොකෙට= (මගෙ විකාර මොලෙට ආප...