🖤Chapter 9🖤

66 12 9
                                    

මගේ ඇඟ රත්වෙලා යනව දැනුනෙ ඈෂ් කියපු කතාවට. ඒ වගේම එදා යුන්ගි කියපු දෙයක් මගෙ ඔළුව ඇතුලෙ රැව් පිළි රැව් දෙන්න පටන් ගත්තා.

'ඌ එන්නෙ උගෙ ලේ හොයන්'

යුන්ගි මේ හැමදේම දැනන් හිටියා. ඒ වගේම කැලයෙදි යුන්ගි මාව බේරගත්තෙ මගේම තාත්තගෙන්. මගෙ ඇස් වලට කදුළු පිරුනා. දෙවියනේ මගේ දෛවය මට මේ තරම් අකාරුණික ඇයි?

"ඒ ආව රාක්ශයා මගේ තාත්තා ඈෂ්....එයා මාව දෙපාරක්ම මරන්න හැදුවා...ඒ දෙවතාවෙම මාව බේරගත්තෙ යුන්ගි"

"ඔව්..... ඒ ආවෙ ඔයාගෙම තාත්‍තා තමයි ජූලි...."

"ඒ කියන්නෙ එයා බිළාල රාක්ෂයගෙ අස්ථි වලින් හදපු බෙහෙත බීලා...."

"ඔව් ජූලි..... එයා විතරක් නෙවෙයි.... සැම්සන් අංකල් තමයි ඒ බෙහෙත හදලා තියෙන්නෙ..... සැම්සන් අංකල්ගෙ පුතා ඒක බීලා එයාගෙම දරුවව මරලා තියනව.... ඒ වගේම එයා ඔයාගෙ තාත්තගෙ හොඳම යාළුවෙක්... "

"දෙයියනේ!!"

" යුන්ගි නොහිටින්න ඔයා ඉවරයි!"

" ඒ කියන්නෙ යුන්ගි අර්ධ බිළාල රාක්ෂයෙක්...."

"ඔවු...... බිළාල රාක්ෂයො වඳවෙලා ගියාම ඉතුරු උනේ එයාලගෙ ලමයි.... පරම්පරා ගානක් එයාලා කැලේ හිටියත් ලෝකය වෙනස් වෙද්දි එයාලත් සාමාන්‍ය මිනිස්සු විදිහටම ජීවත් වෙන්න ගත්තා. ඉතිං යුන්ගි එහෙම කෙනෙක්.... එයා ආවෙ ඔයා වෙනුවෙන්.... ඇත්තටම කිව්වොත් එයා තමා බලයෙන් වැඩිම කෙනා.... ඒ කියන්නෙ බිළාල ගෝත්‍රයේ කුමාරයා.... එයාගෙ අතින් තමන්ගෙ වංශෙ රහස එළිවුනොත්... ඒයාව දැන් ඉන්න අර්ධ බිළාලයො නෙරපලා දමයි.."

යුන්ගි.... මගේ ඇස් වලින් කඳුළු වැටුනේ ඉබේටමයි. මාව තඹ සතේකට ගණන් නොගත්තත් එයා මා වෙනුවෙන් ලොකු අවධානමක් අරගෙන. ඒත් ඒ ඇයි? එයාට මගෙන් මොනව හරි ඕන වෙලාද? එහෙම නැත්නම් වෙන හේතුවක්ද?

"අපි මේ රහස රකින්න ඕන ඈෂ්.... අඩු තරමෙ ටීනට වත් කියන්න එපා.... තේරෙනව නේද මම කියනදේ.... අපි කවදහරි මැරෙන්නෙ මේ රහසත් එක්කමයි"

"බය වෙන්න එපා ජූලි..... මම කාටවත් කියන්නෙ නැහැ.... ඒත්....ඔයාගෙ තාත්තට පරිවර්ථන හැකියාව ලබාගන්න නම් ඔයාව මරන්න වෙනව.... ඔයාගෙ ජීවිතේ අනතුරේ...."

⫷ PRINCE OF FELINE 𖡹 || MYG FICTION (Completed)Where stories live. Discover now