නැන්දලා යන්න ලඟ හින්දා ගෙදර වැඩ සේරම පැවරුනේ මට. එක අතකින් නැන්දා යන එක හොඳක් වගේ පෙනුනට එයාලා ගියයින් පස්සෙ මට ඉන්න වෙන්නෙ තනියම. කොහොමත් පුංචිකාලෙ ඉඳන් මං තනිකමට හුරු නිසා...
මට ඒක අමාරුවෙන එකක් නෑ. වැඩ සේරම ඉවර කළයින් පස්සෙ මං කාමරේට ඇවිත් ජීවිතේට නොකරපු වැඩක් කරන්න හිතුවා. වෙන මොකක් වත් නෙවෙයි ටිකක් පාඩම් කරන්න.
මං මේ කරන්න යන වැඩේ ඇෂ් දැක්කනම් ආයෙ දෙකක් නෑ ඒ බතලයා බඩ අල්ලන් හිනා වෙනවා. ටිමීත් ඇඳ උඩ ඉඳගෙන මම කරන්න යන වැඩේට උගෙ බාසාවෙන් විහිළු කරන්න වගේ කෙඳිරියක් ගෑවා.
" ටිමී..... ඔයත් මට විහිළු කරනවද? කලින් නම් පාඩම් කරලා නෑ තමයි.... ඒත් මං ඉන්නෙ ජහ ජරා පලවෙනි පේළියෙනෙ.... ඒ මදිවට යුන්ගිගෙ එහා පැත්තෙ . ඒ හින්දා මං අඩුගානෙ පොඩ්ඩක් හරි දැනගෙන ඉන්න එපැයි.. "
කාමරයෙ මුල්ලක තිබුන බෑග් එක ඇඳල අරගෙන ඇඳ උඩට හැලුවා. මගේ පොත් කන්දරාව ඇඳ උඩ සී සී කඩ විසිවෙද්දි විද්‍යා පොත අතට ගත්තු මම යුන්ගි ගණන් හදපු පිටුව පෙරලලා ඒ අකුරු උඩින් හිමීට මගෙ ඇඟිලි තුඬු ගෙනිච්චා.
"ජූලියා... "
නැන්දා කාමරයට එබුනෙ මහත් කරගත්ත ඇස් වලින් . නැන්දා මොකක් හරි ලොකු පීඩනයකින් ඉන්න බව මට තේරුනා.
" ඇයි නැන්දෙ?"
" ඔයාගෙ තාත්තා යාලුවෙක් මුණගැහෙන්න එළියට ගිහින් දවස් කීපයකින් ගෙදර ආවෙ නෑ කියලා මට කුඩම්මා කෝල් කරලා කිව්වා. "
තාත්තට ඇත්තටම වුණ දේ මං හොඳටම දන්න නිසා මට ඒ ගැන ඇතිවුනේ කලකිරීමක් විතරයි. තාත්තට මනුස්සයෙක් වෙලා ආපහු ගෙදර යන්න නම් මාව මරන්නම වෙනව. මගේ නිහඬ බව නිසා නැන්දා කේන්තියෙන් මා දිහා බැලුවා." ඔයාට තාත්තා ගැන බය හිතෙන්නෙ නැද්ද අහ්? එයාගෙ ෆෝන් එකත් වැඩ නෑලු... කොහෙ ඉන්නවද දන්නෙ නැහැ.... අනේ මගෙ අහිංසක අයියා කොහෙවත් යන ගෑණියෙක්ව බැඳගෙන කරගත්තු පවක්"
" මගෙ අම්මට කොහෙවත් යන ගෑනි කියන්න එපා. "
මගෙ ඇස් වල කඳුළු පිරෙද්දි මම කෑ ගැහුවා . නැන්දා පුදුම උනේ මං කවදාවත් එයාට මේ තරම් සද්දෙන් කතා නොකරපු නිසා වෙන්න ඇති.
YOU ARE READING
⫷ PRINCE OF FELINE 𖡹 || MYG FICTION (Completed)
Fanfictionඋබලා එකෙක්ටවත් තේරෙන්නැද්ද ඒ කෙල්ලගෙ ජීවිතේ අනතුරේ කියලා..... ඒකා එන්නෙ උගෙ ලේ හොයාගෙන!! බිළාල රාක්ශයෝ විශ්වාස කරනවාද ? වද වෙලා ගියාට බිළාල රාක්ශ කුලයේ තවත් පුරුක් තවමත් ජීවත් වෙනවා........ =එන්න මගේ බිළාල රාක්ශ Fantasy ලොකෙට= (මගෙ විකාර මොලෙට ආප...