දඩ බඩ ගාලා ලෑස්ති උන මම ටීනත් එක්ක ඉස්කෝලෙට ගියා. අඩිය ඉකමන් කරලා ගියපු නිසා සීනුව ගහන්න කලින් ඉස්කෝලෙ ඇතුළට පැනගන්න අපිට පුළුවන් උනා.
සුපුරුදු අහංකාර ලීලාවෙන් තමන්ගෙ තැන ඉඳගෙන පොතක් දිහා බලන් ඉන්න යුන්ගිගෙ පහතට පියවුණ හීනි ඇස් දැක්කම මගේ හදවත ලොකු ලෝභ කමකින් පිරිලා යන හැටි මට දැනුනා.
" ජූලි .... ඇයි නැවතුනේ?"
මගෙ දෙපා ඉබේම නැවතුනේ යුන්ගිගෙ අහංකාර පෞර්ශයට වහ වැටිලා. ටීනා මා දිහා නළලත් රැළි කරන් දඟකාර විදිහට බලන් ඉද්දි මගෙ කම්මුල් රත් වෙලා ගියා.
" න්නෑ.... මුකුත් නෑ..."
මං ටීනගෙ අත කොනිත්‍තලා කිසිම දෙයක් නොදන්න පුංචි එකෙක් වගේ යුන්ගි ගාවින් මගෙ බෑග් එක තිබ්බා. මං මඟ දිගට යුන්ගිගෙන් සමාව ගන්න හැටි ටීනත් එක්ක පුරුදු වෙලා ආව නිසා හිතේ තියන බය පොඩ්ඩක් අඩු වෙලයි තිබුනෙ. ඒත් එක අතකට මං යුන්ගිගෙන් සමාව ගන්න එයාට වැරැද්දක් කරලත් නැහැ.
ඔන්න මම එයාගෙ ගර්ල්ෆ්‍රෙන් වත් වෙලා හිටියනම් සාධාරණ වැරැද්දක් මම එයාට කළා. ඒත් ඇයි යුන්ගි මා එක්ක තරහා? රට පටලන් කල්පනා කර කර හිටපු මං ලොකු හුස්මක් පහත දැම්මා.
" යුන්ගි .... ඔයා...."
" ජූලියා...... දෙයියනේ ඔයා හොඳින් නේද?"
හෙනයක් ගහනවා වගෙ එතනට කඩාපාත් උන කෙවින් මාව එයා ගාවට ඇදලා අරන් වැළඳ ගත්තා.
" ඊයෙ ඇයි ඔයා එනව කියලා ආවෙ නැත්තෙ? මං කොයිතරම් වෙලා බලන් හිටියද? කී පාරක් කෝල් කලාද?"
" මොකද මේ.... මං හොඳින්"
මං අකමැත්තෙන් කෙවින්ගෙන් අයින් උනේ මගේ සැලසුම් සේරම වතුරෙ ගිය නිසා කේන්තියෙන්." මට ප්‍රශ්නයක් නෑ කෙවින්...පාඩුවෙ ඉන්න"
" දන්නවද මං කොච්චර බය උනා ද කියලා? කොහොම හරි ඔයා හොඳින් නේ ඒ මට ඇති"
කෙවින් පසුතැවීමෙන් වගේ හඬ බාල කරලා කිව්වා.
" මං පොඩ්ඩක් පරක්කු උනා එන්න.... ඊළඟ පාර එහෙම වෙන්නෙ නෑ",
"ඊළඟ..... මොකද්ද කිව්වෙ?"
කෙවින් මගෙ දිහා බලන් හිටියෙ හිනාවෙන ගමන් දඩස් ගාලා කියව කියව හිටපු පොත මේස උඩට අතහැරපු යුන්ගි නොරිස්සුමෙන් වගේ පුටුව පස්සට ඇදලා නැඟිටලා ගියා.
YOU ARE READING
⫷ PRINCE OF FELINE 𖡹 || MYG FICTION (Completed)
Fanfictionඋබලා එකෙක්ටවත් තේරෙන්නැද්ද ඒ කෙල්ලගෙ ජීවිතේ අනතුරේ කියලා..... ඒකා එන්නෙ උගෙ ලේ හොයාගෙන!! බිළාල රාක්ශයෝ විශ්වාස කරනවාද ? වද වෙලා ගියාට බිළාල රාක්ශ කුලයේ තවත් පුරුක් තවමත් ජීවත් වෙනවා........ =එන්න මගේ බිළාල රාක්ශ Fantasy ලොකෙට= (මගෙ විකාර මොලෙට ආප...