🖤Chapter 1 🖤

113 11 22
                                    

මම බොහොම අමාරුවෙන් යකඩ පයිප්පය දිගේ වහලෙට නැග ගත්තා. සැඩ හුළග මගේ ඇගට තදින් වැදෙනව මට දැනුනා.

උළුකැට අතුරපු වහලෙ රතු පලසක් වගේත් ඉහලින් තියන තරු පිරුන අහස මල් වියනක් වගේත් දිස්වුණා.

හිමින් හිමින් අඩිය තිය තිය මං ඉස්සරහට ගිහින් දුම් කවුලුව ගාවින් වාඩිඋනා.පුංචි මල්ලිව නිදි කරන නැන්දාගෙ නැලවිලි ගී හඩ මට ඇහුනා.

ඉස්සරම දවස් වල මගේ අම්මත් ඔය විදිහටම ලස්සන නැලවිලි ගී කිය කිය මාව නිදිකරවපු හැටි මට මතක් උනේ ඇස් උනුසුම් කදුළු පටලයකින් වැහිලා යද්දිමයි. මම අහසෙ කහ පාටින් දිදුලන තරුවත් එක්ක හිනා උනා....

ඒ තමයි මගේ අම්මා.

අපිට ගොඩාක් ආදරය කරන අය මැරුනයින් පස්සෙ, ඒ ආදරබර මතක අහසෙ තරු විදිහට ඉපදෙනවා කියලා මට කියාදුන්නෙ මගේ අම්මා.

" දන්නවද අම්මේ... මට ගොඩක් පාලුයි"

මගේ හඩ ඇහිලා වගේ තරුව නිවි නිවි දැල්වුණා. මගේ අම්මා නැති උනේ මට වයස අවුරුදු දොළහෙදි. මට අද වගේ මතකයි එදා අම්මා වැඩට යන්න කලින් මගේ නළලට හාදුවක් දීලා මාව තුරුල් කරන් උන්න හැටි. හරියට එයා ජීවත් වෙන අන්තිම දවස එදා කියලා අම්මා දැනගෙන හිටියා වගේ.

අම්මා වැඩ කලේ නගරෙ තිබ්බ ප්‍රසිද්ධ බේකරියක. අවාසනාවට එදා බේකරියෙ ඇති උන ගින්නෙන් මගේ අම්මා ජීවිතෙන් සදහටම සමුගත්තා.

තාත්තත් මා එක්ක හිටියෙ ටික කාලයයි. එයත් ආපහු කසාද බැන්දා. හැබැයි කුඩම්මා නම් මට පොඩ්ඩක් වත් කැමති උනේ නැහැ. කොටින්ම කියනවනං මං අල්ලපු දෙයක් වත් එයා ඇල්ලුවෙ නැහැ....

මට හිතෙන හැටියට එයාට මොක්කරි අමුතුම ජාතියේ මොලේ අමාරුවක් තියනව. ඉතිං එහෙම කෙනෙක් එක්ක මම ඉන්නෙ කොහොමද?

ඒ නිසා මගෙ වගකීම තාත්තගෙ නංගි ඒ කියන්නෙ මගෙ නැන්දා භරගත්තා. මගේ වියදමට තාත්තා මාසයක් ගානෙ නැන්දට සල්ලි එවනවා.

මුලින් මුලින් මට ආදරෙන් සැලකුවත් පස්සෙ නැන්දත් වෙනස් උනා. එ උනත් මං ඒ හැම දෙයක්ම දරාගෙන හිනාවෙලා ඉන්න හැම වෙලේම උත්සහ කරනව.

⫷ PRINCE OF FELINE 𖡹 || MYG FICTION (Completed)Where stories live. Discover now