🖤Chapter 16🖤

103 13 34
                                    

ලේ පෙරුණ සිරුරින් අවසන් හුස්ම හෙළපු තාත්තා දිහාත් වේදනාවෙන් ඇඹරෙන යුන්ගි දිහාත් විනාඩි දෙක තුනක් මං බලන් හිටියෙ මේ හැම දෙයක්ම ඇත්තටම සිද්ධ උනාද කියලා අදහගන්න බැරිව.

යුන්ගිගෙ අතින් තාත්තත් මියැදුන නිසා අදින් පස්සෙ මං සම්පූර්ණ අනාථයෙක් වෙනවා. නොනවත්වාම ඇස් වලින් කදුළු පෙරුනෙ මගෙ අසරණ කමටද, තාත්තත් නැති උන නිසාද , යුන්ගි නිසාද කියලා මට තෝරගන්න බැරි උනා.

බයටම කොර වෙලා ගිය කකුල් වලින් මං යුන්ගි ළඟට යද්දිම එයා ආයෙත් බිළාලාවේශයට පත් උනාම මං අඩි කීපයක් පස්සට ගියා.

යුන්ගිගෙ පපුවෙ තිබුන තුවාලෙන් ගලපු ලෙයින් ඝනකම් කළු ලොම් තෙත් වෙලා තිබුණෙ.

"යුන්ගි....!"

කිසිම හැලහොල්මනක් නැතුව මං ඉදිරිපිට යුන්ගි හිටගෙන උන්නෙ එයා රාක්ෂයෙක් බව මට තදින් ඒත්තු ගන්වන්න වගේ.

ඒත් මට ඉර හඳටත් වඩා විශ්වාසයි යුන්ගි මට කවදාවත් කරදරයක් කරන්නෙ නැහැ කියලා.

ඉදිරියට ගිය මං යුන්ගිට ගොඩක් සමීප උනා. එයාගෙ හුස්ම ගොඩක් උණුසුම්. කහ පාට ඇස් , උල් දත් , ලොම් පිරුණ ඇඟ නිසා එයා ගොඩක් දරුණු පාටයි.

ඒත් මං යුන්ගිට මගේ ජීවිතයෙන්ම ණයගැතී. මගෙ වෙව්ලන ඇඟිලිතුඩු හිමින් සීරුවෙ ඒ රාක්ෂ ශරීරයේ උරහිසේ ඉඳන් අත දිගේ පහළට පල්ලම් බහින්න ගත්තා. එයාගෙ ලොම් හරිම සිනිඳුයි....

" මට සමාවෙන්න යුන්ගි..... මං නිසයි ඔයාට තුවාල උනේ....ඒත්... මාව දාලා යන්න එපා කවදාවත්..... ඔයා අනුන්ගෙ උනත් හැමදාම මගේ පේන මානයට වෙලා ඉන්න."

මං අඬමින් එයාගෙ තුවාලෙ පෑරෙන්නෙ නැති විදිහට පපුවට තුරුල් උනා .

යුන්ගි හුස්ම ඉහළ පහළ දැම්මෙ හරිම වේගයෙන්. මගෙන් ඈත් වෙලා කැලේ අඳුර මැදින් යුන්ගි අතුරුදහන් වෙනකොට මං එතනම බිම වැටිලා ඇඬුවා .

යුන්ගි මාව දාලා යයිද? මං එයාට තදින් ඇබ්බැහි වෙලා ඉන්න තරම දන්නෙ මමයි දෙවියොයි විතරයි.

______________________________

ටිමීවත් අරගෙන ගෙදර දුවපු මං කෙලින්ම ගියේ යුන්ගිගෙ ගෙදරට.
කාමරේ ඇතුලෙ ලයිට් එක දාලායි තිබුණෙ.

⫷ PRINCE OF FELINE 𖡹 || MYG FICTION (Completed)Where stories live. Discover now