🖤Chapter 15🖤

71 12 24
                                    

පැය ගාණක් ඇඳට වැටිලා වේදනාවෙන් අඬමින් හිටියා ඇරෙන්න මට කිසිම දෙයක් කරගන්න පණ තිබුණෙ නැහැ. මගේ බඩ උඩින් ඔළුව තියන් කළු පාට ජිල් බෝල වගේ ඇස් වලින් ටිමී බලාන් උන්නෙ මං විඳවමින් ඉන්න ගින්දර වල රස්නෙ ඌටත් දැනෙනවා වගේ.

"ටිමී.... මං එයාට ආදරෙයි! අම්මගෙන් පස්සෙ පිළිවෙලට මං ආදරේ කරන දේවල් නැති වෙලා යනවා ටිමී.... "

මං ටිමීගෙ ඔළුවෙ පිරුණු දුඹුරුපාට මවිල් අතරින් ඇඟිලි එහෙට මෙහෙට කළා. සනීපෙට මට ගුලි වෙලා හිටි ටිමී විදුලි සැරයක් වැදුන වගේ ගොරවමින් ඔළුව කෙලින් කරන් දිගැටි කන් ඒ මේ අත කැරකෙව්වා.

" ඇයි ටිමී.... මොකද උනේ"
මං ඇහුවෙ ලොකු ලේන්සුවකින් නහය පිහදාන ගමන්. මාවත් දාලා සාලෙ දිහාට දුවපු ටිමී දොර පහුරුගාන හඬ මට ඇහුනා.

"ඔයාට ටොයිලට් යන්න ඕන වෙලාද පැට්ටෝ"

ඇඳගෙන උන්න බුරුල් කොට කලිසම උඩට උස්සගත්තු මං අලස විදිහට ඇඳෙන් බැහැලා අන්ධකාරයේ ගිලිලා තිබුන සාලෙ ලයිට් එක දැම්මා.

ටිමී ඕනාවටත් වඩා දඟලන්න ගත්තෙ ගෙදර බෙල් එක කබල් 'ඩිං ඩොං' සද්දෙන් කෑ ගහද්දි.

ඒ පාර කවුද ඇවිත් තියෙන්නෙ? ඇස් දෙක හැට්ට කොනින් පිහාගෙන මං නිදිමතේම යන්තම් දොර ඇරියා.

"ඔයා?..."

හීනෙන් වත් බලාපොරොත්තු වෙච්ච යුන්ගි දොර ඉස්සරහ හිටගෙන හිටියෙ පසුතැවීම පිරුණු ඇස් වලින් .

එලියට පැන්න ටිමී යුන්ගිට බුරමින් ගේ පිටිපස්සට දිව්වා.

" ඔයාගෙ පොත් දාලා ගිහින්"

එයා කිව්වෙ මගේ මල්ල පෙන්වන ගමන්. කිස් එක මතක් උනාම ආපහු මගේ ඔළුව යකාගෙ කම්මල උනා. කොහොමත් මම යුන්ගිගෙ ගෑණු ළමයට කළේ ලොකු වැරැද්දක්.

" තැන්කිව්"

මං බෑග් එක අරගෙන එයා දිහා වත් නොබලා දොර වහන්න හදනකොට යුන්ගි මාව නැවැත්තුවා.

" ජූලියා.... මේ අහන්න"

"මොනවද?"

තාමත් ඒ ඇස් දිහා බලන්න බැරි ලොකු ලැජ්ජාවකින් මගේ හිත පෙළෙනවා.

⫷ PRINCE OF FELINE 𖡹 || MYG FICTION (Completed)Where stories live. Discover now