Chapter 17

1.1K 153 20
                                    

අමාරුවෙන් හරි මන් ජංකුක්ව රූම් එකට ගෙනත් ඇදට විසික් කරලා හොද හුස්මක් ගත්තා.හොද වෙලාවට අද සූ එයාගේ රූම් එකේ නිදා ගත්තේ.

"බ්...බේබී"

"බේබී තමයි එන්න ගිහින් වොශ් එකක් දාන් එමු"

ටිකක් වෙලා මහන්සි ඇරපු මන් ජංකුක්ගේ අත් දෙකෙන් ඇදලා ඇදෙන් වාඩි කරවගත්තා.

"කෝ ටිකක් නැගිටින්නකෝ අනේ ඔයා බරයිනේ"

කොච්චර නැගිටවන්න ගියත් ගල් පිලිමයක් වගේ ඇදේ වාඩි වෙලා ඉන්න එයාට මන් ටිකක් සැර කරද්දි මගේ ඇගට බර දීලා එයා නැගිට්ටා.අමාරුවෙන් ජංකුක්ව බාත්ටබ් එකෙන් වාඩි කරවලා ලොකු හුස්මක් අරන් එයා ඇදන් හිටපු ටීශර්ට් එක ගැලෙවුවා.

"ජ්...ජංකුක්..."

"ම්න්.."

"ම්..මේ මන් කලිසම ගලවන්නද?"

මන් අහද්දි මන් දිහා බලලා ඔලුව විතරක් හොලවපු එයා ආපොහු ඇස් දෙක වහා ගත්තා.ඒත් මට නිකන් මොකක්ද වගේ නිසා මුලින්ම අඩු රස්නේ වතුරෙන් බාත්ටබ් එකේ බාගයක් වෙනකන් පුරවලා ජංකුක්ගේ කලිසමයි බොක්සර් එකයි එක පාරින් ගැලවුවා.

එයාව චුට්ටක් පස්සට කරලා මන් එයාගේ පිටිපස්සෙන් තිබ්බ ස්ටූල් එකේ වාඩි වෙලා ශැම්පූ කරන්න පටන් ගත්තා.

"ඇස් දෙක අරින්න එපා හොදද?"

මන් කතා කරත් කිසිම සද්දයක් නැති නිසා ඉක්මනින් ශැම්පූ කරලා කොන්ඩේ හොදවලා එයාගේ ඉස්සරහට ආවේ අමාරුම වැඩේ කරන්න.කොන්ඩේ විතරක් හේදුවොත් අසනීප වෙන නිසා හැමවිකාරෙම ඔලුවෙන් අයින් කරේ තවත් වතුරේ හිටියොත් අසනීප වෙන නිසා.

සබන් ගාලා එයාව හෝදන අතරේ ජංකුක්ගේ යටිකය මගේ අතට දැනුනත් ඒ ගැන නොහිතා එයාව මන් ඉක්මනින් හොදලා බාත්‍රොබ් එක ඇන්දුවා.

"ඕම ඉන්න මන් ඇදුමක් අරන් එන්නම්"

අඩවන් උන ඇස් වලින් මන් දිහා බලන් ඉන්න එයාව ඇදෙන් වාඩි කරවලා කලු ශෝර්ට් එකක් විතරක් අරන් ඇවිත් එයාට ඇන්දුවා.

"හ්ම්ම්....දැන් නිදාගන්න"

එයාව පරිස්සමින් ඇදෙන් ඇලකරලා ශීට් එකත් පොරවලා නලලට කිස් එකකුත් දීලා මාත් බාතෲම් එකට ගියේ වොශ් එකක් දා ගනන්.වොශ් එකක් දාගෙන ජංකුක් අරන් දීපූ කොට ශෝර්ට් එකයි එයාගෙම ටීශර්ට් එකයි ඇදගෙන සූවත් බලලා ආපොහු රූම් එකට ඇවිත් ශීට් එකත් පොරොවන් ජංකුක්ගේ එහා පැත්තෙන් ඇලවුනා.

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook) Complete ✅Where stories live. Discover now