"ජංකුක් බලාගෙන...!"
තත්පර ගානක් එක තැන ගල් වෙලා හිටපු මම හරි සිහියට ආවේ ටේගෙන් ඇහුන කෙදිරිලි හඩට...ජියොන් බිම තිබ්බ ගන් එක අරන් මට ඒම් කරත් ඊට කලින් ඉස්සර උන ටේ මාව කවර් කර ගනිද්දි බුලට් එක ඇවිත් වැදුනේ එයාගේ ඉනේ සයිඩ් එකට..ඒ ක්ශනික හෝසොක් ජියොන්ගේ මුහුනට පයින් එකක් ගැහුවේ ගන් එක කකුලෙන් ඈතට විසි කරන ගමන්..
"ම්....මැණික?"
මන් මගේ අතේ හරියට සිහියක් නැතුව ඉන්න ටේ දිහා බලන් මිමිණුවේ මන් කතා කරපු එක මටවත් ඇහෙන්නෙ නැති තරම් සිහින් හඩකින්...
"මචන් හොද සිහියට වරෙන්...ටේව හොස්පිටල් අරන් යන්න ඕනේ"
"ශිට්..!"
ඒත් එක්කම යුන්ගිත් ඇවිත් තියෙද්දි ඌ සූව අතට ගනිද්දි මන් ටේවත් අරන් නැගිටින්න ගිහින් ආපොහු තිබ්බ කේන්තියටම ටේව යුන්ගිට වාරු කරවලා බාගෙට පණ ගිහින් ඉන්න ජියොන්ගේ කොලර් එකෙන් උස්සලා අත මිට මොලවලා මුහුණට එකක් දුන්නේ ඌ එතනම සිහිය නැති වෙලා වැටෙද්දි...
හෝසොක් අර හය දෙනා එක්ක ස්ටේශන් එකට යද්දි මන් ටේවත් හරහට වඩාගෙන ඉක්මනින් යුන්ගි ආපු කාර් එකට නැග්ගේ ටේව සීට් එකෙන් ඇල කරලා..එයාගේ ඔලුව මගේ කලවා උඩින් තියාගෙන දවස් ගානක් හරියට කෑමක්වත් නැතුව එයා වගේම සිහිය නැති වෙලා ඉන්න princess වත් තදට බදගෙන මන් හිටියේ මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුව...මන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන මගේ පණ හා සමානව ඉන්න දෙන්නා මේම මන් ගාව සිහියක් නැතුව ඉද්දි...මට දැන් දැනෙන හැගීම පවා කියා ගන්න තේරෙන්නෙ නෑ ඒ තරම් මහා කාලකණ්ණි හැගීමක් දැනෙන්නේ...
"කලබල වෙන්න එපා මචන් හැමදේම හරියයි"
මන් හිටියේ operation theater එක ඉස්සරහා වචනයක්වත් කතා නොකර බිම ඉදගෙන ඔලුව දණිස් අස්සේ ඔබාගෙන...මන් දන්නේ මන් කොච්චර වෙලාවක් මෙතනට වෙලා හිටියද කියලා හොස්පිටල් එකට ආපු ගමන් ටේව opration theater එකට ගනිද්දි සූහාව නෝර්මල් රූම් එකට දැම්මා.Princess ටත් තාම සිහිය නැද්ද කොහෙද? මන් හිතන්නේ ජිමින් සූහා ගාව ඉන්නවා.මට සූ ගාවට යන්න ඕන උනත් මැණිකව දාලා යන්න හිත දුන්නෙ නෑ.
YOU ARE READING
𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook) Complete ✅
Roman d'amourආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑම කල්පනා කරලයි තීරණය කරේ." "මොකක්ද සර්." "ඔයාට පුලුවන්ද සූගේ මමා වෙන්න" "මොකක්!" (සිංහල) 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐓𝐨𝐩 𝐊𝐨𝐨𝐤 𝐁𝐨𝐭𝐭𝐨𝐦 𝐓𝐚𝐞