Taehyung POV
සතියක කාලයක් කිසිම ප්‍රශ්නයක් නැතුව නිදහසේ ගෙවිලා ගියා.එදා ජංකුක්ගේ ඔම්මයි අප්පයි ආපොහු ඇමරිකා ගියත් හරි එක වතාවක්වත් ආපොහු ජංකුක්ට කතා කරේ නෑ.එයා ඒ ගැන ගානක් නෑ වගේ හිටියත් මට තේරිලා තිබ්බේ හියුන්ග් ඉන්නේ දුකින් කියලා.ඔව් ඉතින් තමන්ගේ දෙමාපියන් තමන්ව තේරුම් ගන්නේ නැතුව මේම අතහැරලා දැම්මම කාටද දුක නොහිතෙන්නේ?
"ගුඩ් මෝනිම් මැණික..."
ජංකුක් ගැන හිත හිත මන් කෑම ලෑස්ති කරද්දි මාව පිටිපස්සෙන් තුරුල් කර ගන්න ගමන් මගේ කම්මුලට කිස් එකක් දීලා ග්‍රීට් කරද්දි මාත් හිනාවීගෙන එයාගේ පැත්තට හැරිලා එයාගේ ඉනවටේ අත් දෙක බැද ගනිද්දි ජංකුක් එයාගේ අත් දෙක මගේ බෙල්ල වටෙන් දාලා මාව තව ටිකක් ලගට ගත්තා.
"ගුඩ් මෝනින් කූ..."
"තවත් ලස්සන වෙලාද මන්දා?"
හියුන්ග් මගේ කම්මුලක් අතින් පිරිමදින ගමන් ලාවට හිනාවෙලා කියද්දි ලැජ්ජ හිතුන මන් එයාගේ මූනෙන් ඇස් අහකට අර වටපිට බැලුවේ හිනාව තද කරගෙන.එදා බීලා හිටපු දවසේ රෑ රූම් එකේදී එයා මට ආදරෙයි කියලා කියපු එක කිවුවට පස්සේ එයා ටිකක් පුදුම උනත් පස්සේ මගේ ඇගේ ඇලීගෙන දවස් හතරක් විතර පස්සෙන් ආවා එයාටත් ආදරෙයිද ගගා අහගෙන.
ම්හු මන් එයාට ආදරේ උනාට ඒම එක පාරට කියන්න බෑනේ එතකොට කිසි අගයක් නෑනේ...මේ දවස් හතරෙම මගේ කටින් ඒක අහගන්න බැරි උන නිසා මේ මනුස්සයා ඊට පස්සේ දවසේ ගෙදර ආවෙත් හොදටම බීලා...එදා මට කේන්ති ගිය නිසාම අයිස් ක්‍රීම් ටබ් එකෙන් බාගයක්ම කවලා සීතල වතුරෙන්ම එයාව නෑව්වා...ඊට පහුවදා මගෙන් සමාවත් ගත්ත නිසා තවත් බොරුවට එයාව රිද්දන්න ඕනේ නැති නිසත් මාත් එයාට ආදරයි කියලා කිවුවා.එදා ඉදන් මෙයාගේ වචන තවත් චීසී වෙලාද මන්දා!
"කෝ කෝලන් නොකර අයින් වෙන්න කෑම ලෑස්ති කරන්නත් ඕනේ..චූටී මැණික නැගිටලද දන්නේ නෑ"
"Princess තාම නිදි...ඔයා එයාගේ කෑම එක හදලා ඉවරද?"
"ඕ...ඔයාගේ ලන්ච් බොක්ස් එක විතරයි ලෑස්ති කරන්න තියෙන්නේ.. ඇයි කූ තාම ලෑස්ති උනේ
නැත්තේ"
YOU ARE READING
𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook) Complete ✅
عاطفيةආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑම කල්පනා කරලයි තීරණය කරේ." "මොකක්ද සර්." "ඔයාට පුලුවන්ද සූගේ මමා වෙන්න" "මොකක්!" (සිංහල) 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐓𝐨𝐩 𝐊𝐨𝐨𝐤 𝐁𝐨𝐭𝐭𝐨𝐦 𝐓𝐚𝐞