Chapter 31

1.2K 168 19
                                    

අපි දෙන්නම එයාගේ ඔෆිස් එකේ ඉදන් එලියට ආවේ සූව nursery එකෙන් අරන් යන්න..nursery එකේ ගේට් එක ඕපන් උන ගමන් චූටී ළමයි එයාලගේ දෙමාපියන් ගාවට දුවන් එද්දි සූත් වතුර බෝතලේ බෙල්ලෙ එල්ලන් ජංකුක්ගේ අත් වලට පනින විදිහ මන් කා' එකේ ඉදන් බලන් හිටියා...

"මමා~"

කට හද හද ජංකුක් එක්ක මොනාදෝ කියමින් ආපු කෙල්ල ජංකුක් කාර් එකේ ඩෝ එක ඕපන් කරපු ගමන් මාව දැකලා මගේ උකුලෙන් වාඩි උනේ මගේ කුසටත් හාදුවක් දීලා...මන් සූගේ බෑග් එකයි වතුර බෝතලෙයි බැක් සීට් එකෙන් තියලා කෙල්ලව තුරුල් කර ගත්තා...

"මගේ කෙල්ල දග කරේ නෑ නේද?"

"නෑනේ මමා~ තූහා ගුද් ග'ල් තෙනෙක්නේ"

චූටි කෙල්ල හුරතලේට කියද්දි මන් සූගේ කම්මුලට හාදුවක් දුන්නේ ජංකුක් පවා කාර් එක ඩ්‍රයිව් කරන ගමන් සූගේ හුතරල් කතාවලට හිනාවෙද්දි...

"මන් ඔය දෙන්නව ගෙදරින් දාලා ආපොහු ඔෆිස් එකට යන්න ඕනේ...මමාටයි දුවටයි මොනාහරි ඕනේද?"

"අයිස්ක්‍රීම්!!"

"බව්නීත්!!"

ජංකුක් අපි දෙන්නගෙන් කන්න මොනාහරි ඕනෙද කියලා අහද්දි මන් අයිස්ක්‍රීම් ඕනේ කියලා සද්දෙන් කියද්දි සූ ඊට වඩා සද්දෙන් බ්‍රව්නීස් ඕනේ කියලා කෑ ගැහුවා...අපි දෙන්නා දිහාම හිනාවීගෙන බලන් හිටපු ජංකුක් කා' එක සයිඩ් එකකින් නතර කරේ මන් සූව මගේ පැත්තට හරව ගනිද්දි...

"අනේ සූ අපි අයිස්ක්‍රීම් කමුකෝ"

"අයිත්කීම් මල්ලි බබාත හොද නෑනේ මමා~..ම්හුක්...බව්නීත් තමුතො ම්..මමා~"

මන් මූණත් ඇඹුල් කරන් සූගෙන් අහද්දි මේ පණ්ඩිත ආච්චි මගේ කම්මුල් දෙකත් දෙපැත්තට අදින ගමන් මල්ලි බබාට අයිස්ක්‍රීම් හොද නෑ කියද්දි මන් බැලුවේ ජංකුක් දිහා...ම්හුක් මෙයා තමයි මගේ අන්තිම බලාපොරොත්තුව...

"අනේ කූ මට අයිස්ක්‍රීම් නේ ඕනේ"

"හරි හරි ඔය දෙන්නටම ඕන දේවල් මන් අරන් දෙන්නම්."

තොල් දෙක උල් කරන් හුරතල් මූණක් මවාගෙන මන් ජංකුක්ට කියද්දි එයා මගේ උල් වෙලා තියන තොල් දෙක එයාගේ ඇගිලි දෙකෙන් මිරිකලා කාර් එක ස්ටාර්ට් කරා...

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook) Complete ✅Where stories live. Discover now