Two weeks later...
සූගේ birthday party එකේ වැඩත් එක්ක බිසී වෙලා හිටපු නිසා සති දෙක යනවා තේරුනේම නෑ.ඊයේ හවස ජංකුක්ගේ ඔම්මා වගේම අප්පත් ආපොහු කොරියා වලට ආවේ පාර්ටි එකට.වෙනදා වගේම ජංකුක්ගේ ඔම්මා මට රවද්දි ජංකුක්ගේ අප්පනම් මාත් එක්ක තාම වචනයක්වත් කතා කරේ නෑ.
දැන් වෙලාව උදේ එකොළහයි.හවස පාර්ටි එක තියාගෙනත් මේ මනුස්සයා අද වැඩට ගියානේ.ජංකුක්ගේ ඔම්මා එයාගේ යාලුවෙක් මීට් වෙන්න යනවා කියලා උදෙන්ම ගෙදරින් යද්දි මිස්ටර් ජියොන් ජංකුක් එක්කම ඔෆිස් එකට ගියා.උදෙන්ම ජිමින් ආපු නිසා මට මේ ටික ලේසියෙන් ලෑස්ති කර ගන්නත් පුලුවන් උනා නැත්තන් සූත් එක්ක මේවා කරන එක හරිම අමාරුයි.
"කූ ඔයා කාලද ඉන්නේ"
"ඕ..මන් කෑවා මැණික.ඔයාලා කෑවද?මන් වැඩට තව තුන් දෙනෙක්ව එවුවා ඔයයි ජිමිනුයි ටිකක් රෙස්ට් කරන්න"
"ඔව් හියුන්ග් චූටි කෙල්ලත් දැන් තමයි කාලා නිදා ගත්තේ.අනේ අදවත් වෙලාස්සන එන්නකෝ"
"හරි හරි මන් හවස පහ වෙද්දි එනවා කෝමත් පාර්ටි එක පටන් ගන්නේ හතටනේ"
"හ්ම්...හරි බායි ❤️"
මන් ජංකුක් එක්ක මැසෙජ් කරලා ආපොහු පහලට එද්දි ජිමින් හිටියේ සෝෆා එකේ ඇලවිලා.පවු අනේ මන් නිසා එයාටත් වදේ...
"ජිමිනී..."
"ඔහ් ටේ කියන්න"
"ඔයා අපේ රූම් එකට ගිහින් චුට්ටක් නිදා ගන්න සූත් ඉන්නවා"
"ඒකට කමක් නෑ ටේ මේ වැඩ ටික ඉවර කරමු"
"ජංකුක් තව තුන්දෙනෙක්ව එවනවා කිවුවා ඒ නිසා ඔයා චුට්ටක් ගිහින් නිදා ගන්නකෝ"
මන් කියද්දි ලාවට හිනාවුන ජිමින් උඩට අපේ රූම් එකට යද්දි මන් කුස්සිය පැත්තට ආවා.
YOU ARE READING
𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook) Complete ✅
Storie d'amoreආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑම කල්පනා කරලයි තීරණය කරේ." "මොකක්ද සර්." "ඔයාට පුලුවන්ද සූගේ මමා වෙන්න" "මොකක්!" (සිංහල) 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐓𝐨𝐩 𝐊𝐨𝐨𝐤 𝐁𝐨𝐭𝐭𝐨𝐦 𝐓𝐚𝐞