Jungkook p.o.v
මන් කිචන් එකට ඇවිත් වතුර එකක් රත් කරගෙන අපේ රූම් එකට ආවා.මන් එද්දි ටේහ්‍යුන්ග් බැල්කෙනි එකෙ ඉදන් ගාඩ්න් එක දිහා බලාගෙන බර කල්පනාවක හිටියේ.මන් ලා රස්නේ වතුර එක බෙඩ් ටේබල් එක උඩින් තියලා බැල්කෙනි එකට ගිහින් එයාව පිටිපස්සෙන් තුරුල් කර ගත්තා...
"එලියේ මොකද කරන්නේ ම්ම්.."
"ඔයා එනකන් හිටියේ..."
"Princess නිදිද?"
හ්ම්...එයාගේ රූම් එකේ නිදා ගන්න ඕනේ කිව්වේ..."
මන් එයාගේ බෙල්ල පාමුලට හාදුවක් දෙන ගමන් අහද්දි ටේ මට තව ටිකක් තුරුල් වෙන ගමන් උත්තර දුන්නා...මන් එයාව හරහට වඩාගෙන රූම් එකට ඇවිත් ඇදෙන් ඇල කරේ එයා මන් දිහා බෝල් ඇස් තවත් බෝල කරන් බලන් ඉද්දි...
"කකුල් චුට්ටක් තවලා නිදා ගමු ම්ම්..."
එයාගේ මහන්සි පාට මුහුන දිහා බලන් මන් කියද්දි එයා ලග තියන ලස්සනම හිනාවෙන් හිනා වෙලා එයා ඔලුව වැනුවා...මන් ඒ පිරුණු කම්මුල් වලට හාදුවක් දීලා පිරිසිදු චූටි ටවල් එකක් අරන් ඇවිත් එයා ගාවින් වාඩි උනා...
"ම්හු...කූ මේ කලිසම ගලවමුකෝ"
වෙනදට කොට ශෝර්ට් එක පිටින් ඉන්න පුරුදු වෙලා හිටපු එයා අද හෝසොක් එනවා කියපු නිසා දිග ලූස් පෑන්ට් එකකට මගේ සුදු පාට ටීශර්ට් එකක් ඇදලා හිටියේ...මූණත් ඇඹුල් කරන් පෑන්ට් එක ගලවන්න කියද්දි මන් හිනාවෙලා පරිස්සමින් ඒක ඇගෙන් අයින් කරා.
"ගොඩක් රස්නෙයි නම් කියන්න මැණික..."
මන් එයාගේ කකුල් දෙක මගේ උකුලට අරන් තවන්න පටන් ගනිද්දි දැනෙන සනීපයට ද කොහිද ඒ ඇස් දෙක පියවුනා...එයා මගේ ටීශර්ට් එකක් ඇදලා හිටපු නිසා පෑන්ට් එක ගැලෙව්වත් ටීශර්ට් එක දනහිස ගාවට වෙනකන් තිබ්බා....වෙන වෙලාවක වගේනම් එයා මන් ඉස්සරහා මේම ඉද්දි මගේ හැගීම් ඇවිස්සෙන්න තිබුනා ඒත් අපේ පැටියා නිසා ටිකක් මහත් වෙලා තියන අත පය, රෝස පාට පිරුණු කම්මුල් තියන මේ රෝස බෝලෙව දැක්කම මට දැණුනේ පුදුම තරම් ආදරණීය හැගීමක්...මට දැන් හිතෙන්නේ එකම දෙයයි.මේ රෝස පාට බෝල කම්මුල් තද රතු වෙනකන් ඉබින්න...
YOU ARE READING
𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook) Complete ✅
Romanceආදර අනාවැකිය ✨ "මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ ටේහ්‍යුන්ග්.ඔයා මන් ගැන වැරදියට හිතන්න එපා ඒත් මන් මේක මුලු රෑම කල්පනා කරලයි තීරණය කරේ." "මොකක්ද සර්." "ඔයාට පුලුවන්ද සූගේ මමා වෙන්න" "මොකක්!" (සිංහල) 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐓𝐨𝐩 𝐊𝐨𝐨𝐤 𝐁𝐨𝐭𝐭𝐨𝐦 𝐓𝐚𝐞