Chapter 25

1.1K 189 19
                                    

"කෙල්ල නිදිද?"

"ඔව් හියුන්ග්...නිදා ගත්ත නිසා ඉක්මනට උයා ගන්නත් පුලුවන් උනා."

කෑම ලෑස්ති කරලා වොශ් එකක් දාන් ආපොහු අතට බෙහෙත් දාගෙන පහලට එද්දිම ගෙදර බෙල් එක වැදුන නිසා මන් ගිහින් දොර ඇරියා..ජංකුක් බෑග්ස් දෙකක් දික් කරන ගමන් සු ගැන අහද්දි මන් ඒක ගන්න ගමන් උත්තර දුන්නා.

"මොනාද ඒයි තියෙන්නේ..."

"වෙන මොනාද චිප්ස් පැකට් තමයි"

කිසි දෙයක් දන්නෙ නැති බබා වගේ මන් අහද්දි එයා රවාගෙන උත්තර දුන්නා...මන් ඉතින් මගේ ගොං හිනාව දාගෙන එයාව සයිඩ් හග් කරා..

"හී...මන් ඉතිම් ආදරෙයිනේ"

"ඇති ඇති බටර් ගැවුවා මන් වොශ් එකක් දාන් එන්නම්..."

ජංකුක් මගේ ඔලුව අතගාලා උඩට යද්දි මන් හොද හුස්මක් ගත්තා...මන් මෙච්චර වෙලා බෑග් එකෙන් තුවාලේ කව' කරන් හිටපු නිසා අවුලක් උනේ නෑ...එයා වොශ් දාන්න ගිය නිසා මන් කෑම ටික මේසෙන් තිබ්බා...ටිකකින් වොශ් දාන් අප්පයි දුවයි දෙන්නම පහලට එද්දි මන් ජංකුක්ට කෑම බෙදලා සූට දැවිල්ල නැති ටික බෙදා ගත්තා.

"ටේහ්‍යුන්ග්! ඇගිලි වලට මොනාද උනේ"

ජංකුක් සූව මේසේ උඩින් වාඩි කරවන ගමන් එයා පුටුවෙන් වාඩි වෙද්දි විනාඩියකට තුවාලේ ගැන අමතක උන මන් ජංකුක් ගාවින් කෑම ප්ලේට් එක තියද්දි ජංකුක්ගේ සද්දෙට මමයි සූයි දෙන්නම ගැස්සුනා...

"හ්..හියුන්ග්"

"මන් ඇහුවේ අතට මොනාද උනේ කියලා..."

"උ....උයද්දි අත චුට්ටක් කැපුනා කූ..."

මන් බොරු හිනාවක් මවන් එයාට කිවුවත් එයාගේ මුහුණෙ නම් තිබ්බේ විශ්වාස කරන්න බැරි බැල්මක්..

"තමුසෙට මාව මෝඩයෙක් වගේද පේන්නේ!"

"හියු..."

"ද්...දැදා~"

ජංකුක් ටිකක් සද්දෙන් අහද්දි ඒ කටහඩට ගැස්සිලාද කොහිද කෙල්ල ජංකුක්ගේ ටීශර්ට් එකත් ඒ චූටී අත් වලට හිර කරන් හිමින් කතා කරද්දි තමයි මතක් උනේ සූ මෙතන ඉන්නවා කියලා...

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook) Complete ✅Where stories live. Discover now