chapter 2

81 11 6
                                    

"ඩොක්ට ...ඩොක්ටට ප්‍රොෆෙස කතාකරනවා"

වැඩක් නැති තැන පුටුවට වෙලා කැරකි කැරකි හිටපු මගේ අවදානෙ ගියේ දොරත් ගැලවෙන්න තරම් හයියෙන් ඇරන් ආපු මේඩ් දිහා වෙනකොට දැනටමත් ප්‍රොෆෙසට මේ අරන්චිය කනට ගිහින් ඇති කියල හිතපු මන් මේඩ්ට යන්න කියල මගේ සුදුපාට කෝට් එකත් දාන් ප්‍රොෆෙස ගාවට යන්න පිටත් උනා..

කොරිඩෝව දිගේ කාමර එක දෙක පහු කරන් ගියපු මන් නැවතුනේ ප්‍රදාන වෛද්ද්‍යා කිම් සියොක් ජින් කියන නාම පුවරුව ලග... මන් දොරට තට්ටු කරනවත් එක්කම මට ඇතුලට එන්න කියල ඇතුලෙන්  කතාකරන සද්දයක් ඇහෙද්දි මන් දොර ඇරන්  රූම් එක ඇතුලට ගියා...

මටත් වඩා උස හැඩි දැඩි ශරීරයක් තිබ්බ නලල වැහෙන්න දුබුරුපාට කොන්ඩයක් තිබ්බ ප්‍රොෆෙසට කොන්ඩෙ පාටටම ගැලපෙන බලල් ඇස් දෙකක් තිබ්බ වගේම ඒ බලල් ඇස් මන් දිබා රවාගෙන බලන් හිටිය...අතේ තිබ්බ පෑනෙන් මේසෙට තට්ටු කර කර හිටපු ප්‍රොෆෙස ඉන්නෙ මාත් එක්ක තරහෙන් කියන්න මට එයාගෙ හැසිරිමෙන්ම කියන්න පුලුවන් උනා....

" ප්‍රොෆෙස ජින් "

මන් කතා කලා..

"පොඩි උසස්වීමක් එක්ක පත්වීමක් ලැබුන පලියට ඔයාට හිතෙන හිතෙන විදියට මේ හොස්පිට්ල් එකේ වැඩ කරන්න ඔයා කවරු කියලද හිතන් ඉන්නෙ හෝසොක්!!!...දැනගන්නව  ප්‍රදානිය වෙච්ච මාත් මෙතන ඉන්නව කියලා..කොහොමද තමුසෙ වගකීමක් නැතුව වැඩ කරන්නේ...ආව ගමන්ම මෙහෙම වගකීමක් නැතුව වැඩ කරන එක හරිද ආ!!!..ඇයි අර පේශන්ව බාරගත්තේ...  .තමුසෙ හොදටම දන්නව...ඒ පොඩි එකා කාගෙ කව්ද කියලා...අනික ඒ කොල්ලට තාම දහ අටක්වත් නෑ...මෙහෙම වග්කීමක් නැතුව වැඩ කලොත් තමුසෙගෙ වගේම මගෙත් රස්සවල් ගහල යනවා...ඇයි අර පේශන්ව බාර ගත්තේ...අඩුම මගෙන්වත් අහන්නෙ නැතුව...කව්ද ඔයාට මේවලට අවසර දුන්නෙ.."

හිතුව වගේම මේ ඉන්න මිනිස්සු මේගැන ඩොක්ටගෙ කනේ තියල තිබුනා..

"මට සමාවෙන්න ඩොක්ට..මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ...කතා බහෙහෙන් ඒ කොල්ල පේශන්ව බලාගනීද කියන්න මට සැක හිතුනා..එනිසා මන් බාර ගත්තේ....ප්‍රොෆෙස ජින් බය වෙන්න ඕනෙ නෑ..මන් පේශන්ගෙ වගකීම බාර ගන්නම්..මොනවහරි ප්‍රශ්නයක් උනොත් මන් බාරගන්නම්..."

My Lovely LoverWhere stories live. Discover now