chapter 7

59 9 11
                                    

යුන්ගිට බෙහෙත් පොව පොව හිටපු මන් කාමරේ දොර දිහා බැලුවෙ දොර ගාව හිටපු නර්ස් කාමර අංක 13 පේශන්ව බලන්න කියල මට කියද්දි..ඔව්නෙ..මන් තව පේශන්ල දහදෙනෙක්ම බාර අරන් ඉන්නවනෙ...මෙයා නිසා ඒකත් අමතකවෙනව තව පොඩ්ඩෙන්....මන් නර්ස්ට හා කියන්න ඔලුව වනල කෝට් එකත් දාන් කාමර අන්ක දහතුන පැත්තට ගෑටුවා...

එතනින් පස්සෙ මට එයාව හම්බුනේන නැතිතරම්..මොකද මන් වැඩවලට හිරවෙලා හිටියේ...පේශන්ස්ලව බලල ඉවර උනත් ජින්ට හැමපේශන් කෙනෙක්ගෙම රිපෝර්ට්ස් ටික පිලිවලට ඕනෙයි කිව්ව නිසා මන් හවස් වරුවෙම ඒ දේවල් එක්ක බීසී උනා..වැඩ හෙනට තියෙනෙව..මෙහෙම ගියොත් මියොන්සොගෙන් මටත් බෙහෙත් ගන්න වෙන සීන් එකක් තියෙන්නෙ...මන් එයාට පොඩක් යුන්ගිව බලන්නයි කිව්ව..රෑ වෙනකම්ම වැඩ කරපු නිසා හෙන මහන්සියි..අනික මන් තාම හෝදල දාපු රෙදිටික උස්සන් ආවෙත් නෑ...පහල තට්ටුව රෑ දහය වෙද්දි වහනව...එහෙම වැහුවොත් මට හෙට ඇදන් යන්න වෙන්නෙ කොල අතුතමා..මන් ඉක්මනින් පල්ලෙහාට දුවන් ගිහින් මගේ ඇදුම් ටික උස්සන් ආව...අම්මො මෙව්වල සුවද..මන් හෝදගත්තත් මෙච්චර සුවද නෑනේ...

මන් රෙදි ටික අරන් කාමරේට ආව..මන් දන්නෙ නෑ මන් කොච්චර ඇදුම් නවල පිලිවෙලට අල්මාරියට දැම්මත් අල්මාරිය අරිනකොට ඇදුම් ඔක්කොම වගේ මගේ කකුල් උඩ..අපි ඒ ගැන කතානොකර ඉමු...මන් ඇදුම් ටිකත් අල්මාරියට දාල වහල දාල අර පොඩි ඇටය දුන්න කෑම එකත් කන්න ගත්ත...නිල් ඇස් කාලද දන්නෙ නෑ..මියුන්සො එයාව බලන්න ඇති...අනේ මන්ද ...මන් හෙමින් කකා ඉන්නකොට මගේ අවසරයක් නැතුව මගේ රූම් එකේ දොර ඇරුනා...

දොර ලග ඉන්න ජීවියදැකපු මන් ඊලග තත්පරේ හිනාව හි‍රකරන් මැරෙන්න ගියා..දෙයියනේ මියුන්සො...ඌ නිකන් තෙමිච්ච කුකුලෙක්වගේ..ඔලුව උඩ නූඩ්ල්ස් හැලිලා ඌට නිකන් අර රපුන්සල්ගෙ කොන්ඩෙ ඇවිත් වගේ...උරිස් පතුදෙකෙව් සලාදකොල දෙකක් තිබ්බ..අනේ මන්ද සුප් හැලියකට වැටිලද දන්නෙ නෑ....මූ මන් දිහාඅ රවාගෙන බලන් ඉන්නව..

"හිනා වෙන්න හිතන්නවත් එපා හෝසොක්.."

ඌ කියල ඉවරවෙන්නත් කලින් මට බකස් ගාල හිනා ගියා..ඒක මන් දිහා මොකෙක්ද වගේ බලන් ඉන්නකොට පිස්සෙක් වගේ හිනා වෙච්ච මන් අමරුවෙන් හිනාව පාලනය කරන් මියුන්සොට කතා කලා

My Lovely LoverWhere stories live. Discover now