chapter 1

284 17 10
                                        

නමින් ජන්ග් හෝසොක් වෙච්ච මන් ඩොක්ට කෙනෙක් ....මන් Psychiatrist ඩොක්ට කෙනෙක්....හැමවෙලේම  අනිත් අයගෙ මානසික මට්ටම හොදින් තියන්න උත්සහ කරන මන් දැන් ඉන්නෙත් ලෙඩෙක්ට සමානව...මොකද කවදාවත් කාගෙවත් හිතේ බලෙන් හැගීම් එකතු කරන්න අපිට බෑ...හරියම මට වගේ..මන් දන්නෙ නෑ මන් මගේ හස්බන්ගේ අදරේ නොදැනෙන්න තරම් අවාසනාවන්තද කියල...එයාගෙ ජීවිතේටත් වඩා මට ආදරේ කරන මගේ හස්බන් වෙනුවෙන් මගේ හිතේ කිසිම හැගීමක් නැතිවෙන්න තරම් මට වෙලා තියෙන්නෙ මොකක්ද කියල මට තේරුම් ගන්න බෑ...එයා මට කොච්චර ආදරේ දුනත් මට බෑ එයාට හිතාහදාගෙන ආදරේ දෙන්න..සමහර විට එයා මාව බලෙන් අයිතිකරගත්ත නිසා වෙන්න ඇති....එයාගෙ හිතේ මන් ගැන උතුරන්න ආදරේ තියෙනවා කියන්න මන් හොදටම දන්නව උනත් මන් කලේ එක බැල්මෙන් පවා එයාව  රිද්දන එක...මන් හරී ආර්මාර්තකාමි වගේම දුශ්ටයෙක් මගේ හස්බන් නැම්ජුන් ඉස්සරහා...

අදත් පුරුදු විදියටම එයා ලස්සන රෝස පොකුරක් අරන් මගේ රෝහලට එනකොට එයාව මායිම් නොකරපු මන් එහෙම්ම එයාගෙ වාහනේට නැග්ගෙ ගෙදර යන හදහසින් වෙනකොට මල් බොකී එක අතමිටි මොලවන් හිටපු නම්ජුන්ගෙ මූන මැලවිලා ගියා...මට සමාවෙන්න..මට බෑ ඔයා වෙනුවෙන් බලෙන් හැගීම් මතුකරගන්න...

"සොක් අපි අද එලියෙන් කෑම ගමුද..ඔයාට මහන්සිත් ඇතිනෙ.."

"ඕනෙ නෑ නැම්ජුන් මට ගෙදරයන්න ඕනෙ"

එතනින් එහාට කිසිම වචනයක් කිව්වෙ නැති එයා වාහනේ ඩ්‍රයිව් කරන්න ගත්තෙ අපේ ගෙදරට වෙනකොට එයාගෙ ඇස්වල කදුලු පිරිල තිබුනා..මන් දන්නව ඔයා මගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා කියල..ඒත් මට බෑ...මන් හිතන්නෙ හදවත පිරෙන්න මට ආදරේ දෙන ඔයාගෙ ආදරේ පේන්නෙ නැතිවෙන්නම මන අන්දයෙක් වෙලා..නැත්නම් මන් කිසි හැගීමක් දැනීමක් නැති මනුස්සයෙක්..ඔයාම තාමා නැම්ජුන් මාව මේ තත්වෙට ඇදල දැම්මෙ...අද හොස්පිට්ල් එකේ වෙච්ච කිසිම දෙයක් නොකිව්ව මන් වාහනේ වීදුරුවෙන් අහසදිහා බලන් බර කල්පානවකට වැටෙද්දි ආපහු නැම්ජූන් මට කතාකලා..

" අද මගේ සොක්ට පත්වීමක් හම්බුවෙලා නේදා..."

එයා ඒක දැනගෙන..කොහොම දැනගත්තද කියන්නෙ දන්නෙ නැති උනත් එයා මන් ගැන හැමදාම හොයල බැලුවා..

My Lovely LoverWhere stories live. Discover now