❌❌ සත්‍ය කතා කිහිපයක් සම්බන්ධ කර ලියන ලද මා විසින් මනක්කල්පිත කොටස් එකතු කර නිර්මාණය කරන ලද්දකි. කෘත්‍ය අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්❌❌❌
* * * * *
' ගීෂ්! ඔයා කොහොමද ඔහොම කරේ ! අනේ මගේ පුංචි හාමු අනේ නැගිටලා ඇවිත් මාව තුරුල් කරගනින් මගේ මැණිකේ '
' ගිෂ්හ්! '
'“ගිෂ්!!!!”
මම ගැස්සිලා නැගිට්ටා! වේලාව පාන්දර 4.15 යි. ඇස් අත් අල්ලෙන් පිහ දාපු මට දැනුනේ තෙත ගතියක්!අදත් මම අඩලා ද ? ඒත් මොකටද? කවුද ගිෂ්? ඔලුව දෙපැත්ත මිරික ගන්න ගමන් හෙඩ් බෝඩ් එකට මම හේත්තු වෙලා හිතුවා ! කවුද ඔයා ගිෂ්? ඔයාව හොයලා මට ඇති වෙලා ! මේ හැම දේම පටන් ගත්තේ වාර විභාගේ ට සති තුනක් විතර තියලා. දවස ගානේ ස්කෝලෙ වගේම පන්ති බඩ ගාපු මට පල්ලිය ට යාගන්න පුළුවන් වුණේ ෆාදර් අනිවාරෙන් එන්න කියලා දැනුවත් කරොත් විතරක් වුණා. ඒකෙන් මගේ නිදහස අඩු වෙද්දී පොත් වලට ම හිර වෙලා උන්නු මාව නිදාගන්න ටික ට ඒ නින්ද නැති වුණා මේ විකාර හීන නිසා.මේ ගෙවෙන්නේ ol වල අවසාන වාර විභාගේ නිසා කොහොමත් මට හෙලවෙන්නවත් වෙලාවක් නැති වුණා. මේ අල්ලගත්තු ගැම්මෙන් ම exam එක ඉවර වෙනකම් පාඩම් කරගෙන ගියේ නැති වුනොත් ඔක්කොම අනාගෙන තමා මම නතර වෙන්නේ.
*
*
*
දින සති ඉවර වෙද්දි ol exam සතියත් අත ලඟටම ආවේ මට exam කියන අකුරු හතරත් එපා ම කරලා. හෙට ආගම විභාගේ වෙද්දී මම ආච්චූපොත පෙරලගෙන මතකයෙන් මතක් කරන ගමන් හිටියා.
ඒ එක්කම මට මතක් වුනේ විද්‍යාව හෝල් ක්ලාස් එක. අහම්බෙන් අච්චාරු කඩේකදි හම්බුනු ඒ කොල්ලො මට හිතා ගන්න බැරි විදියට විද්‍යා පන්තියේ දී හම්බවුණා. ඒ ඇස් වෙනදාට වඩා හුරු පුරුද්දක් මට දැනුනා වුණත් ඒ ඇයි කියලා හිතා ගන්න බැරි වෙද්දී ඉස්සරහ පේළියේ උන්නු එයා දිහාවට මගේ ඇස් ගියේ සර් ඉන්නවා කියලත් අමතක වෙද්දී.

YOU ARE READING
ආඩම්බරකාරි
Kinh dị" ඉතින් පුතා. දැන් කොහොමද ඔලුව එහෙම රිදෙනවා ද?" ෆාදර් අහද්දි ඒ කොල්ලා ඔලුව දෙපැත්ත ට වනද්දී මට යන්තම් හිනාවක් ගියා. අවුරුදු 18 ක් වෙලත් තියෙන හුරතලෙක්. " හොඳයි දරුවෝ. මම කියන දේවල් දැන් හොදට අහගන්න ඕනි . ඔය පුතා ට මම කලින් වතාවක මේ ගැන කියලා තිබුණා...