❌ සත්‍ය කතා කිහිපයක් සම්බන්ධ කර ලියන ලද මා විසින් මනක්කල්පිත කොටස් එකතු කර නිර්මාණය කරන ලද්දකි. කෘත්‍ය අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්❌❌❌
* * * * *
" වාර්ණිකා ! පුංචි මහත්තයා ඉගෙනගෙන දැන් එනවා ඇති කණ්ඩ මෙසේ අස් කරපං "
" සරි මැණිකේ සරී "
"උබලැයි ගේ ඔය අණ්ඩල දෙමළේ මට තේරෙන්නේ නෑ වාර්ණිකා. කතා කොරන කොට කියන දෙයක් සිංහලෙන් කියපන් "
සීයා තාත්තා ගේ පට්ට පරණ කාර් එකෙන් බැහාගත්තු මට මුලින් ම ඇහුනේ අම්මාගේ කටහඩ. අදත් වාර්ණිකා නැන්දා ට බණිනවද කොහෙද.
ස්කෝලෙ ගෙනිච්ච බෑග් එකත් පුටුවක් උඩ දාපු මම කෑම කාමරේට යද්දී මෙච්චර වෙලා වාර්ණිකා ට බැනපු අම්මා මාව දැක්ක ගමන් මගේ ලඟට ආවා.
" අනේ අප්පේ මගේ කොල්ලා. අද ඉගොන ගන්න ගිහින් හෙම්බත් වෙලාද මන්දා . හොදොටෝම මහන්සි පාටයි "
"ඔව් අම්මා. බඩත් ගිනි අප්පා."
"ඉඩගන්ට ඉඩගන්ට. වාර්ණිකා ඔය හදලා තියෙන හොදි පිනි ගෙනත් තියපන් "
අම්මා ආයේම වාර්ණිකා නැන්දා ට කෑ ගහද්දි මම අම්මා දිහා බැලුවා.
" ඈ අම්මේ ! අර කවුද ගේට්ටුව ළග උන්නු කොල්ලා?"
YOU ARE READING
ආඩම්බරකාරි
Terror" ඉතින් පුතා. දැන් කොහොමද ඔලුව එහෙම රිදෙනවා ද?" ෆාදර් අහද්දි ඒ කොල්ලා ඔලුව දෙපැත්ත ට වනද්දී මට යන්තම් හිනාවක් ගියා. අවුරුදු 18 ක් වෙලත් තියෙන හුරතලෙක්. " හොඳයි දරුවෝ. මම කියන දේවල් දැන් හොදට අහගන්න ඕනි . ඔය පුතා ට මම කලින් වතාවක මේ ගැන කියලා තිබුණා...