❌❌ සත්‍ය කතා කිහිපයක් සම්බන්ධ කර ලියන ලද මා විසින් මනක්කල්පිත කොටස් එකතු කර නිර්මාණය කරන ලද්දකි. කෘත්‍ය අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්❌❌❌
* * * * *
දින , සති ගෙවිලා ගියා. හෙට පල්ලියේ මංගල්‍ය. පූජාවට යන්න බැරි වෙන නිසා ම මම අම්මට කියලා ආවේ පොඩ්ඩක් පල්ලිය පැත්ත ට ගිහින් එන්න. හවස් වරුවක නිසා ඒ හැටි සෙනඟක් නැති නිසා පාඩුවේ ඉන්න පුළුවන්.
පල්ලියට යන්න තියෙන පඩිපෙල දිගටම වගේ අනාථ වුණු ළමයි අම්මලා හිගමන් ආදීනව. අපේ කියලත් වැඩි වෙනසක් නැ නේ අපිට ත් එදා වේල හොයාගන්න සල්ලි නොතිබුණ නම් අපිත් අද මෙතන ඉන්න කෙනෙක් වෙලා.
පඩිපෙල නැගගේන උඩ ට යන්න තියන කම්මැලි කමට මම වටෙන් යන්න හිතුවා. හිඟමන් අදින අම්මලා ලගින් යද්දී දුකයි ඉපදිලා අවුරුද්දක් දෙකක් ගියපු පුංචි ළමයි ව වඩාගෙන ඉන්න විදිය දැක්කා ම.
පල්ලිය පෙන මානේ ලූර්දු පල්ලිය තිබුණා මට පෙනුනා. හැමදාම යන පල්ලිය ට වඩා වෙනසකට මම ඒ පැත්ත ට අඩිය තිබ්බා. ලූර්දු පල්ලියේ ෆාදර් කෙනෙක් ඉන්නවා මම දැක්කා . තව එක මගේ වයසේ ම ද නැත්තම් වැඩිමල් ද කියලා දන්නේ නැති කොල්ලො ටිකක් ඒ හරියේ උන්නු නිසා මම හිතේ හැටියට ඒ හරිය පහු කරගෙන පහලට ගියා. පාද නමස්කාරය සමහර කාලෙට මේ පාරේ ගියා , පාර ඉවර වෙන තැන ස්වමෙහෙය තියෙන ලූර්දු ගුහාව ලඟට වැටුණා. ඒත් මෙතන ට යන්න තිබුණේ පාවිච්චි නොකරන ඔයක්. ( මම හරියට දන්නේ නෑ එක ඔයක් ද පොකුණක් ද වැවක් ද කියලා ඒත් ඔයාලා දැකලා ඇති නැත්තම් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න . ඕකේ නාන්න දෙන්නේ නෑ ඉස්සර නම් දුන්නා ලු , ෆාදර් කෙනෙක් නාන්න ගිහින් නැති වුන නිසා ඕක වැහුවා ලු . ඔය මම දාන්න දේ . සමහර අය එකෙක කතා කියනවා ඕකේ නාන්න දෙන්නේ නැති එක ගැන )
ඔය කිට්ටුවේම අත ඇරලා දාපු ලිදක් තිබුණා. ඒ හරිය හරියට කෑලාවට ගිහින් තිබුණා. මම ඒ චුට්ට පහු කරන් යන්න හදලත් මම එක පාරට නතර වුණා. කොළ පැගෙන සද්දායක් . කවුරු හරි බලන් ඉන්න හැඟීමක්. පූජාව වෙලේට දැනෙන අමාරුව වගේම ආයෙමත් ඔලුව ඇතුලෙන් සද්දවල් ඇහුනා .
YOU ARE READING
ආඩම්බරකාරි
Terror" ඉතින් පුතා. දැන් කොහොමද ඔලුව එහෙම රිදෙනවා ද?" ෆාදර් අහද්දි ඒ කොල්ලා ඔලුව දෙපැත්ත ට වනද්දී මට යන්තම් හිනාවක් ගියා. අවුරුදු 18 ක් වෙලත් තියෙන හුරතලෙක්. " හොඳයි දරුවෝ. මම කියන දේවල් දැන් හොදට අහගන්න ඕනි . ඔය පුතා ට මම කලින් වතාවක මේ ගැන කියලා තිබුණා...