දුන්නු තේ එකට - සීනි වෙනුවට
කලපු ලුණු හැන්දක් ම වැටියං...
ආයුබෝවන් කියන මොහොතේ
බුලත් හෙප්පුව බිම පෙරලියං...කොයි තරම් ලස්සන උනත් මට
ඌට මහ වස කැතට පෙනියං...මකුළු දැල් නැන්දම්ම දෑසට
කිතුල් මල් වාගේම පෙනියං...
නොහොඹිනා හරුපයක් කියවී
කාගෙ හරි හිත තදට රිදියං...මගුල එහෙනං තීන්දුයි දැං
කීවොතින් හොර කපුව එසැනින්
අළුත් නෑකං සබා මැද්දේ
අනේ ඕකගෙ සරම කැඩියං...මොකක් හරි හේතුවක් හින්දා
අමුඩෙ අමතක වෙලා තිබියන්...."එහ් සුදූ....මොකද්ද බන් උඹ ඔය මේ දවස් ටිකේම කොයි වෙලෙත් හුටු හුටු ගාල කියවන්නෙ..."
"කවුද...මං...නැහ්....පිස්සුද....මොනව කියන්නද..."
"හරි හරි මෙහෙ වරෙන් මේ මකුළු දැල් ටික කඩන්න....යකෝ හෙට අර මිනිස්සු එනව තව වැඩ එහෙමමයි...."
"මට බෑ ඕවා කඩන්න මම උස නෑ...."
"ඒකත් ඇත්ත උඹ ඉතිං කොට නැකතනෙ ඉපදිලා තියෙන්නෙ....නංගියි උඹයි එකගාන....ලැජ්ජාවෙ බෑ බන්....හෙට එන මලමාලයට පැටලිලා උඹව අරන් යයිද දන්නෙත් නෑ...."
"අනේ මේ අයියෙ කීවා කියල හිතාගන්....සයුරියි මායි පැටලෙන්න ඇයි මම කෙල්ලෙක් වගේ පේනවද....රෙද්දක් කතා කරනවනෙ මෙතන මල පැනල ඉදිද්දි...."
මගේ පරම පිවිතුරු පලවෙනි ආදරේ ඩැහැගන්න හෙට එනවලු මනමාලයෙක්....අහම්බෙන් වගේ රේඩියො එකේ ඇහුන වස් කවිය මම හෝ ගාල පුරුදු වෙන්නෙ හෙට ඕකා ආවම කියන්න....බැරිවෙලාවත් වැඩේ හරි ගිහින් ඕකුන්ට වස් වැදුනොත් මගෙ නෑනා මට ඉතුරුයිනෙ....එකහිතින් එකම නෑනට ආදරේ කරේ එක එකාට දීලා දාන්නද නෑනෙ....කොහෙද ඉතිං සයුරිටත් මේ අපූරුවට දිලිසි දිලිසි ඉන්න මස්සිනා ගැන නෑනෙ කිසි කැක්කුමක්....ඒකනෙ නැන්දලා මගුල් කතා කරනකල් කටපියන් ඉන්නෙ....මට විතරයි මේ දුක....
මං නිවේන්....ගෙදර අයට සුදු පුතා....සුදූ...සුදු අයියා....එකක් නෑ....සුදු ගෑවිච්ච එක එක ඒවා....නම නිවේන් උනාට මම නම් නිවිලා නෑ....ගිනි අරන් තමා ඉන්නෙ කොයි වෙලෙත්....මේ දවස්වල වැඩිපුරත් එක්ක ගිනි අරන්....ගිනි දැන් ඔලුව වටේ කැරකෙනවත් එක්ක....හැබැයි සුදු පුතා නමට නම් මම සෑහෙන සාදාරනයක් කරපු කොල්ලෙක්....සයුරිටත් වඩා මම සුදුයිනෙ....
මේ අවුරුදු විසිහතරටම මම ආදරේ කරා නම් කෙනෙක්ට ඒ මගෙ නෑනට විතරයි....ඒකත් තවම ඒකපාර්ශ්වික කුළුඳුල් පෙමක්....මමවත් දන්නෑ මම ඇයි සයුරිට ආදරේ කරන්න ගත්තෙ කියල....නෑනා අයිති මස්සිනාටලුනෙ.....ඉතිං සයුරි අයිති මට තමා....ඒක එහෙම වෙන්න එපෑ....ඉතිං මම එයාට ආදරේ කරන්න ගත්තා....
සයුරියි සයුරු අයියයි මමයි අපි තුන්දෙනාම පොඩි කාලෙ ඉදන්ම හැදුනෙ එකට....සයුරි මගෙ වයස වෙද්දි අයියා අපිට වඩා අවුරුදු තුනක් වැඩිමල්....මම ඉපදෙද්දිම මගෙ අම්මා මේ ලෝකෙන් ගිහින්....ඉතිං තාත්තා මාව නැන්දට බාර දීලා රට ගිහින්....එයාට මා ගැන ගානක්වත් නෑ...මම හැදුනෙ වැඩුනෙ ලොකු උනේ නැන්දා මාමා එක්ක....
එයාල දෙන්න ගොඩක් හොඳයි....මට ආදරෙයි....සයුරු අයියත් මට ආදරෙයි....සයුරිත් ආදරේ ඇති....ඒ උනාට කොච්චර උනත් සමහර වෙලාවට මටම කියල අම්මා තාත්තා නැති අඩුව මට දැනෙනවා....මහ තනිකමක් දැනෙනවා....මම තනිවෙලා කියල හිතෙනවා....අයියා සයුරි නැන්දා මාමා එක පවුලක් වෙද්දි මම පිට කෙනෙක් නේද කියන එක මට හිතෙනවා....එහෙම වෙලේට මම කරන්නෙ බීච් එකට ගිහින් ඈත මුහුද දිහා බලන් ඉන්න එක....එහෙම ගියපු දවස් ඕනි තරම් ඇති....
"සුදු පුතේ අර සාලෙ මොප් කරන්න මාමාට උදවු කරන්නකො....මට මේ කුස්සියෙන් හෙල්ලෙන්න නෑනෙ...."
"අහ්...ආ....හා හා නැන්දෙ මම කරන්නම්...."
මොප් නෙවෙයි කරන්න ඕනි....අනේ හෙට එන ඔය මනමාල ගෙවලයා මේ ටයිල් ටිකේ ලිස්සලා වැටිලා ඕකගෙ ඉස්සරහ දතම කැඩියන්....එතකොට දත් නැති එකෙක් එක්ක යන්න සයුරි කැමති වෙනේකක් නෑ....බයවෙන්න එපා සයුරි...මනමාලයා නැති උනාට ලස්සන දත් ටිකක් තියෙන මේ මස්සිනා ඉන්නවා ඔයාව බාර ගන්න....
𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹
YOU ARE READING
ආශු
Short Storyලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශිර්වාදයක් විදිහට දකින හින්දා අශේල් එයාට ආශු කියල නම තිබ්බා.... ඉතිං අශේල් ගෙ ආශු.... එයාවත් තාම දන්නෙ නැතුව ඇති මෙහෙම ආදරේ කරන කෙනෙක් එයාට ඉන...