18

2.6K 437 25
                                    

හිතුවටත් වඩා ඉක්මනට හැමදේම සිද්ද උනා....ඊයෙ මාව ගෙදරට ගෙනැත් ඇරලල හවසම අශේල් එයාගෙ අම්මා තාත්‍තා එක්ක මාමාව හම්බවෙන්න ආවා.....ඇවිල්ලා මාව එයා ගාවට ගන්න අවසර ඉල්ලුවා....මේක ලංකාවනෙ අපිට ඕනි විදිහට මෙහෙ කසාද බඳින්න බෑ....ඒකයි අශේල් ගෙදර අයත් එක්කම ඇවිත් මාව මාමාගෙන් ඉල්ලගත්තෙ....මාමා කොහොමත් මාව දෙන්නම බලා හිටපු හින්ද එයාගෙ වෙනසක් උනේ නෑ....සයුරි නම් පැත්‍ත පලාතක ආවෙ නෑ.....නැන්දා මූණිච්චාවට හිනා වෙලා අශේල්ගෙ ගෙදර අය එක්ක කතා කරා...අයියා නම් කරේම දමාගෙන මාව මඩවපු එක....

"අඩෝ එහෙනම් උඹ අරූගෙ ගෙදර යනවද බන්....සැක් වෙඩිමක් නොගත්‍තට උඹ බඳිනවා නේහ් ඒ කියන්නෙ....බලපන් හීමිච්චා වගේ ඉඳගෙන ඔක්කොටම කලින් ඉස්සර උනා....වැඩිමල්ම එකා වෙච්ච මම තව වේලෙනවා...."

"හච පච නොගා උඹත් හොයාගනින්කො හොඳ අක්කෙක්...."

"අඩෝ මේ මටත් හිතෙනව කොල්ලෙක් හොයාගන්න....ගෑනු මහ වාත කේස් බන්....බලහන්කො අර අපේ එකී දැක්කහමම සංසාරෙ එපා වෙනවා....කොහොමද බන් උන් එක්ක ජීවිත කාලයක් ඉන්නෙ...."

"හැමෝම එහෙම නෑ ඕයි...හොඳ කෙල්ලොත් ඉන්නවා....තමුසෙට හොඳ කෙනෙක් හම්බෙයි...."

"අනේ පලයන් බන්....උඹයි මමයි දන්න ගෑනු..."

අශේල්ලා මාමා එක්ක කතා කරල එයාල ඉස්සරහම මගෙ නලලට හාදුවක් තියල හෙට උදෙන්ම එනවා කියල යන්න ගියා....ඉතිං හෙට ඉදන් මම එයත් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්නවා....මම දන්නෙ නෑ කසාද ජීවිතයක් මොන වගේද කියල....ගෑනු පිරිමි සම්බන්දයක් වගේ නෙවේනෙ අපේ සම්බන්දෙ...අපි දෙන්නම කොල්ලො....එතකොට...අනේ මන්ද මට තේරෙන්නෑ....අශේල් මට වඩා වැඩිමල්....මට වඩා තේරෙන හින්දා එයා මට ජීවත් වෙන හැටි කියාදෙයිනෙ....

වෙන කෙනෙක් නම් තමන්ගෙ ගේ දාල යන්න වෙනවා කියද්දි දුක් වෙයි.....හැබැයි මම නම් ඉන්නෙ සතුටෙන්....මට තියෙන එකම දුක අයියාගෙන් ඈත් වෙන්න වෙන එක විතරයි...මම මුල අමතක කරල දාලා නෙවෙයි....මට හැමදේම මතකයි....තාත්තා මාව දාල යද්දි මාව බාරගත්තෙ නැන්දා....මාව ලොකු මහත් කරේ මට ඉගෙන්නුවෙ අනාතයෙක් වෙන්න නොදී මට පවුලක් ඇතුලෙ හැදෙන්න ඉඩ හදල උන්නෙ ඒ ගොල්ලො....ඒවට මම හැමදාම නයගැතියි....දැන් ටික කාලෙක ඉදන් නැන්දගෙ හැසිරීම කොහොම උනත් එයා කලින් මට ආදරේ කරා....මට පුලුවන් හැමදාම මම නැන්දලා ගැන දුරෙන් හිටියත් හොයල බලනවා....දැන් වෙනස් කම් කරාට මම තරහ නෑ නැන්දෙ....මට දුක හිතුනා විතරයි....ඔයාල එක්ක තරහ වෙන්න මට බෑ....

ආශු Where stories live. Discover now