"බබා සේරම ගත්තනෙ නේ....ආයෙ එන්න එහෙම බෑ ඔන්න...."
"හරි අප්පා ඔක්කොම හරි....ඊයෙ ඉදන් මං අස්කරගත්තා...."
"ඇත්තට....කෝ මෙහෙ දියන්කො බලන්න අස් කරගත්ත ඒවා...."
මං හෙනම ලොකුකමෙන් සේරම ටික අශේල්ට පෙන්නුවා....ඇයි අනේ මම කොච්චර මහන්සි උනාද මේ ටික ලස්සනට අස් කරගන්න...බොරූවට කෑගහනවා....
සේරම කොනක ඉදන් චෙක් කරපු අශේල් මා දිහා කන්න වගේ බැලුවා....හරිද....නාලා වගේ මං හිතන්නෙ....
"කෝ බොල පාස්පෝට් එක....බස් ටිකට් එකෙන්ද යන්න හිතන් ඉන්නෙ....වෙලාවට බැලුවෙ....නැත්තන් ආපහු එන්න වෙන්නෙ සේරම දමල ගහල...."
"හරි අප්පා ඉතිං....ඔයා වගේ මට රට ගිහින් පුරුදුයැ....ඒක අමතක වෙලා...."
අන්තිම මොහොතෙ බැනුමුත් අහගෙන කටගහගෙන ගිහින් ටොකු පාරකුත් කාගෙනම මම අශේල් එක්ක එලියට බැස්සා....අද රෑ ෆ්ලයිට් එකෙන් අපි මෙහෙන් යනවා....කැනඩා....ආයෙ කවදා එවෙයිද කියන්න දන්නෙ නෑ.....අශේල් තමයි ඒවා තීරනය කරන්නෙ....
මාසයක් ගෙවිලා ගියාද කියල හිතාගන්නත් බෑ....මට දැනෙන්නෙ මම අශේල් ගාවට ආවෙ අද ඊයෙ වගේ....මගෙ ඩිග්රියෙ වැඩ සම්පූර්ණයෙන්ම ඉවර උනා....ඉතිං තවත් මෙහෙ ඉන්න හේතුවක් නෑ....අශේල් මගෙ ඩිග්රිය හින්දමනෙ මෙහෙ හිටියෙ....ඒක ඉවර උන ගමන් එයා කැනඩා යන්න සේරම ලෑස්ති කරා....
පැය එකහමාරක විතර පස්සෙ අපි දෙන්න හිටියෙ එයාර්පෝට් එකේ....අම්මා තාත්තා අපෙ අයියා නැන්දයි මාමයිත් ඇවිත් හිටියා....නැන්දයි මාමායි මට සුභ පතල පරිස්සමට ඉන්න කියල යන්න ගියා....අයියත් මගෙත් එක්ක සෑහෙන වෙලා ඉඳල හැමදේම හොදට කරගන්න කියල යන්න ගියා....අම්මයි තාත්තයි නම් අපි ඇතුලට යනකල්ම ඉඳලයි යන්නෙ....
"අම්මා....ඔයයි තාත්තයිත් ඉක්මනට එනව නේද....අපි දෙන්න විතරක් පාලුයිනෙ එහෙ...."
"අනේ බොරු නොකියා ඉන්න පොඩි පුතා....පාලුවට තියෙයි දෙන්න තනියෙන් ඉන්නකොට....ඔයාලා ගිහින් ලෝන්ග් හනිමූන් එකක් නිවාඩු පාඩුවෙ එන්ජෝයි කරන්නකො....තාත්තයි මායි හෙමීට එන්නම්...."
YOU ARE READING
ආශු
Short Storyලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශිර්වාදයක් විදිහට දකින හින්දා අශේල් එයාට ආශු කියල නම තිබ්බා.... ඉතිං අශේල් ගෙ ආශු.... එයාවත් තාම දන්නෙ නැතුව ඇති මෙහෙම ආදරේ කරන කෙනෙක් එයාට ඉන...