බීච් එක පේන දුරෙන් අශේල් වාහනේ නැවැත්තුවා....ටික වෙලාවකින් අපි දෙන්නම් හිටියෙ වැල්ලෙ ඇවිදින ගමන්....බීච් එක කියන්නෙ මට නුහුරු තැනක් නෙවෙයි....සතියට දෙතුන් පාරක් අනිවාරෙන් මම මෙතනට එනවා....මට කතා කරන්න ඕනි උනාම ඒ හැමදේම මම කියන්නෙ මුහුද එක්ක....මගෙ ජීවිතේ මට කියල ළඟ යාලුවො ඉඳලා නෑ...මම ගොඩක් හිටියෙ සයුරි එක්ක....අපි එක වයස උන හින්ද වෙන්නැති ඒ....ඒ උනත් ඊයෙ සයුරි කතා කරපු විදිහෙන් මට සයුරි ගැන මොනවමහරි හැඟීමක් තිබ්බනම් ඒක නැත්තටම නැති උනා....මං හිතන්නෑ සයුරිට අඩුම ගානෙ මම ගැන සහෝදර කැක්කුමක් වත් තිබ්බා කියල....සේරම නිකම්ම නිකන් පුහු බැඳීම්....
වෙනදට මම බීච් එකට එන්නෙ තනියම...
හැබැයි අද මගෙත් එක්ක තව කෙනෙක් ඇවිල්ලා....අශේලුත් බීච් එන්න කැමති ඇති....ඒකනෙ මෙහෙටම ආවෙ....ඊයෙ හවසත් මට හම්බුනානෙ මෙතනදිම....එවෙලෙ කවුද හිතුවෙ ගෙදර ගිහාම අරහෙම දෙයක් අහන්න වෙයි කියල....සමහරවිට අශේල් ඊයෙ ආවෙ මා එක්ක කතා කරන්න වෙන්න පුලුවන්....ඒත් මම රවාගෙන පුප්පගෙන යන්න ගියා මිසක් කතා කරේ නෑනෙ...."ආශු....මොනවද ඔච්චර හිතන්නෙ....තනියෙන් හිතන්නෙ නැතිව හිතන දෙයක් මටත් ඇහෙන්නම හිතන්න...."
"එහෙම මොකුත් නෑ අශේල්...."
"මොකුත් නැති වෙන්න බෑනෙ....අනිවාරෙන්ම මොනවහරි තියෙන්නම ඕනි....ආශුට පුලුවන් මාත් එක්ක ඕනිම දෙයක් කතා කරන්න....ඕනිම දෙයක් කියන්න මම අහගෙන ඉන්නම්...."
"තෑන්ක්ස් අශේල්...."
වෙරලෙ මට පුරුදුම තැනින් මම අශේල් එක්කම වාඩි උනා....
"ආශු ගැන මම මොනදේ නොදන්නවා උනත් ඔයා යන්න කැමතිම තැන බීච් එක කියන්න මම දන්නවා....ඒකයි මම ඔයාගෙන් අහන්නෙ නැතුවම මෙහාට ආවෙ...."
"අශේල් කොහොමද ඒක දන්නෙ....."
"ඒක ටිකක් දිග කතාවක්....මෙහෙම කියන්නම්කො දැන් සති දෙකක විතර ඉදන් මම හැමදාම උඹ දිහා බලා හිටියා...."
මම එකපාරම අශේල් දිහා බැලුවා....මා දිහා බලා හිටියා කියන්නෙ....කොහෙ ඉදන්ද බලා හිටියෙ ...මට කරපු විකාර අඬපුව එහෙමත් මේ මනුස්සයා දැක්කා වත්ද....සති දෙක්කට කලින් කියන්නෙ මෙයාල අපේ ගෙදර එන්න එහෙම කලින්නෙ....එහෙනම් ඒක තමා මේ මනුස්සයා ගෙදර ආවෙ වෙලේ විඩෙන් විඩේට මා දිහා බැලුවෙ ....
YOU ARE READING
ආශු
Short Storyලෝකෙට කවුරු උනත් අශේල්ගෙ ලෝකෙදි එයා ආශු....ඒක අශේල් ආදරෙන් තියපු නම....හිතට අස්වැසිල්ලක් නිදහසක් අරන් ආපු ආශිර්වාදයක් විදිහට දකින හින්දා අශේල් එයාට ආශු කියල නම තිබ්බා.... ඉතිං අශේල් ගෙ ආශු.... එයාවත් තාම දන්නෙ නැතුව ඇති මෙහෙම ආදරේ කරන කෙනෙක් එයාට ඉන...